අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 1
- ඕට්ස් කෝප්ප 1/2
- ග්‍රේට්කරගත් කැරට් කෝප්ප 1/4
- චොප්කරගත් ලීක්ස් මේස හැඳි 2
- රස අනුව ලුණූ
- බේකින් පවුඩර් තේ හැඳි 1/4
සාදාගන්නා ආකාරය
අමුද්‍රව්‍ය සියල්ලම බෝල් එකකට දමා හොඳින් කලවම් කරගන්න. වතුර ටික ටික දාලා ඩෝ එකක් සාදා වසා පැය 1/2 ක් පමණ පිපෙන්න හරින්න. පිටි ඉහගත් මතුපිටක රොටී බෝල හදලා තුනීකර දෙපැත්ත පුළුස්සා ගන්න.