අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්පිටි ග්‍රෑම් 500
- සීනි තේ හැඳි 1
- මිටිකිරි කෝප්ප 2
- රස අනුව ලුණු
කිරි මිශ්‍රණයට අවශ්‍ය ද්‍රව්‍ය
- පොල්කිරි කෝප්ප 2
- සීනි කෝප්ප 1/4
- රස අනුව ලුණු
- පාන්පිටි මේස හැඳි 4
සාදාගන්නා ආකාරය
කිරි මිශ්‍රණය හදාගන්න පොල්කිරිවලට සීනි හා ලුණු දමා දියකර පාන්පිටි එකතු කර කැට නැති වෙනකල් විස්ක් කරගන්න. සාදාගත් මිශ්‍රණය ළිප තබා උකු වෙනකල් හැඳිගාගන්න.
රොටිය හදන්න හාල්පිටිවලට සීනි, ලුණු දාලා කලවම් කර පොල් කිරෙන් අනාගන්න. පැය 8 ක් වගේ පිපෙන්න හැර ආප්ප තාච්චියට දාලා රොටිය හදාගන්න. ආප්ප වගේ කරකවන්න එපා. ඝනකමට රොටිය හදාගන්න. දැන් සාදාගත් රොටි ටික පොල්කිරි මිශ්‍රණයට දාලා පැයක් විතර තියලා කෑමට ගන්න.