අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 2
- කටු ඉවත්කළ කුකුල්මස් ග්‍රෑම් 300
- බිස්කට්කුඩු කෝප්ප 1
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- කපාගත් බ්රොකොලි කෝප්ප 1
සෝස් එකට
- ඔලිව්තෙල් ස්වල්පයක්
- බැසිල් කොළ කිහිපයක්
- දෙහි යුෂ මේස හැඳි 2
- කෑලිමිරිස් තේ හැඳි 2
- චොප්කරගත් සුදු ලූනු බික් 2
- ග්‍රේට්කරගත් චීස් මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
බිත්තර දෙක හොඳට විස්ක් කරගන්න. බිස්කට් කුඩුවලට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. චිකන් ටික බිත්තර සාරුවල දවටලා බිස්කට් කුඩු තවරගන්න. මේක තෙල් ගාපු බේකින් පෑන් එකක තියලා පැත්තකින් බ්රෝකොලි ටිකත් තියලා සෙල්සියස් සෙල්සියස් 180 ප්‍රී හීට් කරපු අවන් එකක විනාඩි 15-20ක් බේක් කරගන්න. ග්‍රයින්ඩර් එකට ඔලිව් තෙල්, කෑලි මිරිස්, බැසිල් කොළ, ලෙමන් යුෂ, සුදු ලූනු දාලා සෝස් එකක් හදාගන්න. මේක ළිපේ තියල උතුරනකම් රත් කරගන්න. බේක් කළ චිකන්වලට මේ සෝස් එක දාල උඩින් චීස් දමාගන්න.