අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් නූඩ්ල්ස් පැකට් 1
- කුකුල් මස් ග්‍රෑම් 500
- කපාගත් ලූනු කොළ ස්වල්පයක්
- කපාගත් කැරට් අලයක්
- කපාගත් ලීක්ස් කෝප්ප 1/2
- කපාගත් ගෝවා කෝප්ප 1/2
- කපාගත් මාළුමිරිස් කරල් 2
- චොප්කරගත් ලූනු ගෙඩියක්
- කපාගත් තක්කාලි ගෙඩි 2
- කෑළි මිරිස් තේ හැඳි 2
- රස අනුව ලුණු
- චොප්කරගත් ඉඟුරු සුදු ලූනු මේස හැඳි 1
- කරපිංචා ස්වල්පයක්
- බිත්තර 2
- සාදාගත් කුකුල් මස් හොදි ටිකක්
- සෝයාසෝස් තේ හැඳි 2
සාදාගන්නා ආකාරය
කුකුල් මස් පොඩි කැබලිවලට කපා මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා පැය 1/2 ක් මැරිනේට් කර බැදගන්න. පසුව ඒ පෑන් එකටම චොප්කරගත් ඉඟුරු සුදු ලූනු ටික දාලා කලවම් කර මද වේලාවකට පසුව කපාගත් ලීක්ස්, කැරට්, කරපිංචා හා අනික් එළවළු ටික තෙලට දාමා තෙම්පරාදු කරගන්න.
පසුව චිකන් හොදි ටික දමා කෑලිමිරිස් එකතු කරන්න. රස අනුව ලුණු දාගන්න. දැන් බිත්තර ටිකත් දාලා හොඳින් කලවම් කර නූල්ඩ්ස් ටික දාලා බැදගත් චිකන් ටිකත් දාලා හොඳට කලවම් කරගන්න. අවසානයට සෝයාසෝස් ටිකක් දාලා කලවම් කර ළිපෙන් ඉවත් කරගන්න.