අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 6
- සිහින්ව පෙති කපාගත් අල ගෙඩි 1
- සිහින්ව රවුම් කපාගත් ලූනු ගෙඩි 1
- ලුණු තේ හැඳි 1/2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- තෙල් මේස හැඳි 1 1/2
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ භාජනයකට අල සහ ලූනු පෙති ටික අතුර ගෙන එයට උඩින් ලුණු සහ ගම්මිරිස් ඉසගන්න. ගින්දර අඩු කර අල සහ ලූනු මෘදු වෙනකම් විනාඩි පහක් පමණ හරවමින් පිසගන්න.
වෙනම බඳුනකට බිත්තර ටික කඩා එක් කරගෙන කොත්තමල්ලි කොළ ටික දමා, ලුණු ස්වල්පයක් එක් කරගෙන ගෑරප්පුවකින් ටිකක් ගසාගන්න. අල ටික පිසීගෙන එන කොට අල සහ ලූනු ටික පෑන් එකේ පැතලි කර එයට උඩින් බිත්තර මිශ්‍රණය දමාගන්න. පසුව පියනකින් වසා අඩු ගින්නේ බිත්තර සෙට් වෙනකල් පිසගන්න. නිවුණු පසු අනිත් පැත්ත හරවාගෙන පිළිගන්වන්න.