අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් තම්බාගත් බිත්තර 4
- චීස් වෙජස් 2
- ගම්මිරිස් කුඩු
- රස අනුව ලුණු කුඩු
- චොප් කරගත් ලූනු
- චොප් කරගත් පාස්ලි කොළ
- රතු අල ගෙඩි 1
සාදාගන්නා ආකාරය
බීට් ගෙඩිය පොඩි කෑලිවලට කපාගෙන භාජනයකට දමා එයට වතුර එක් කර උතුරුවා ළිප නිවාගන්න. තම්බාගත් බිත්තරවල කටු ඉවත් කර බීට් තම්බාගත් වතුරට බිත්තර එක් කර විනාඩි 10 ක් පමණ තියන්න.
බිත්තර ඉවතට ගෙන අයිස් වතුරෙන් සෝදා දෙකට පලා සුදු මදය කැඩෙන්නෙ නැති වෙන්න පරිස්සමින් කහ මදය ඉවත් කරගන්න. වෙනම භාජනයකට කහමද, චීස්, ලුණු, ගම්මිරිස්, ලූනු සහ පාස්ලි කොළ එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. පයිපින් බෑග් එකකට සාදාගත් මිශ්‍රණය දමාගෙන බිත්තර සුදු මදවලට පුරවා ගන්න.