අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 300
- අමු පහේ තේ හැඳි 1/2
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- මිරිස් කුඩු තේ හැඳි 1/4
- චොප් කරගත් ලූනු, සුදු ලූනු, සහ ඉඟුරු
- පාන් කුඩු
- බිත්තරයක්
සාදාගන්නා ආකාරය
කුකුල් මස්වලට පාන් කුඩු සහ බිත්තරය හැර අනික් සියල්ලම එක් කර හොඳින් අඹරා ගන්න. එයට බිත්තරය එකතු කර මිශ්‍ර කරගෙන බෝල සාදාගත හැකි පදමට පාන් කුඩු එක් කර අනාගන්න. හොඳින් අනාගත් පසු කුඩා බෝල සාදා ස්ටීමර් එකේ අඩියට කෙසෙල් කොළයක් තබා ඒ මත මීට් බෝල්ස් තබා ස්ටීම් කරගන්න. නිවුණු පසු අධි ශීතකරණයේ තබන්න.