අවශ්‍ය ද්‍රව්‍ය
- කටු ඉවත් කර දිග අතට කපාගත් චිකන් කැබලි 15
- දෙහි බෑයක යුෂ
- ලුණු හා ගම්මිරිස්කුඩු
- චොප්කරගත් සුදු ලූනු බික් 4
කෝට් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 1/2
- බිත්තර 1
- බිස්කට් කුඩු කෝප්ප 1
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
චිකන්වලට ලුණ, ගම්මිරිස්කුඩු, සුදු ලූනූ සහ දෙහි දමා කළවම් කර ෆ්‍රිජ් එකේ පැය 8 ක් මැරිනේට් කරගන්න. බිත්තරය විස්ක් කරගන්න. මැරිනේට් කරගත්ත චිකන් ටික පිටිවල තවරා බිත්තරවල දවටා බිස්කට් කුඩු තවරා ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකල් බැදගන්න.