අවශ්‍ය ද්‍රව්‍ය
- නිල් කටරොළු මල් 6/7
- උණු වතුර කෝප්ප 1
- සීනි හෝ ෂුගර් සිරප් මේස හැඳි 1
- ලුණු ස්වල්පයක්
- දෙහි ගෙඩි භාගයක යුෂ
- අයිස් කැට
- කස කසා ඇට
- ස්ප්‍රයිට් හෝ සෝඩා කෝප්ප 1
සාදාගන්නා ආකාරය
නිල් කටරොළු මල් ටික හොඳින් සෝදා කොළ පාට නටුව කොටස කඩා ඉවත් කරගන්න. උණු වතුර කෝප්පයකට මල් ටික දමා පියනකින් වසා විනාඩි 10 ක් පමණ මල් ටික ඉවත් කර යුෂ ටික ගන්න.
මෙය හොඳින් නිවුණු පසු වීදුරුවක් ගෙන එයට කස කසා ඇට, කඩාගත් අයිස් කැට, ෂුගර් සිරප් හෝ සීනි, ස්ප්රරයිට් සහා නැවතත් අයිස් කැට එකතුකර අන්තිමට දෙහි යුෂ එකතුකර ගන්න.