අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු කැකුළු හාල් පිටි ග්‍රෑම් 250
- රතු කැකුළු හාල් පිටි ග්‍රෑම් 250
- ගාගත් පොල් ග්‍රෑම් 300
- රස අනුව ලුණු
- කරපිංචා ඉති 1
- සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 50
- සිහින්ව කපාගත් සුදු ලූනු ග්‍රෑම් 30
- වතුර ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
හාල් පිටි වර්ග දෙක වෙන වෙනම භාජනවලට දමා අනාගන්න. ඉන්පසුව පිටි මිශ්‍රණ දෙකට අමුද්‍රව්‍ය සියල්ලම සමානව වෙන් වෙන පරිදි එකතු කර කලවම් කරගන්න. ඉන්පසුව පිට්ටු බම්බුවට සුදු මිශ්‍රණය මුලින්ම දමා දෙවනුව රතු මිශ්‍රණය දමා හුමාලයෙන් තම්බාගන්න.