අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් ලූනු ගස් 4
- ලියාගත් ලීක්ස් කෝප්ප 1/3
- ලියාගත් අමුමිරිස් 1
- ලියාගත් ලූනු ගෙඩි 1
- කොටු හැඩයට කපාගත් අර්ථාපල්
- කෝප්ප 1/3
- සිහින්ව ලියාගත් කැරට් කෝප්ප 1/3
- පාන් පිටි කෝප්ප 3/4
- ලුණු තේ හැඳි 1/2
- වතුර කෝප්ප 3/4
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බෝල් එකකට ලූනු ගස, ලීක්ස්, අමුමිරිස්, ලූනු, අර්ථාපල්, කැරට්, පාන් පිටි, ලුණු සහ වතුර එකතු කරගන්න.ලොකු නොන්ස්ටික් පෑන් එකක් (12”) ළිප තබා තෙල් මේස හැඳි 2 ක් එකතු කර හොඳින් තවරා ගන්න.ඉහත මිශ්‍රණය එකතු කර හොදින් විසිරුවා ගන්න.
එක පැත්තක් රන්වන් පාට වූ පසු පෑන් කේක් එක ඉවතට ගෙන නැවත තෙල් මේස හැඳි 2 ක් එකතු කර අනිත් පැත්ත හරවා ගන්න. හොඳින් රන්වන් පාට වී ක්‍රිස්පි වූ විට ඉවතට ගන්න.උණුවෙන්ම කොටු හැඩයට කපා ගන්න.
