අවශ්‍ය ද්‍රව්‍ය
- දිග ගෝවා කිලෝග්‍රෑම් 5
- ලුණු කෝප්ප 1
- හාල් පිටි කෝප්ප 1/2
- සීනි කෝප්ප 1/4
- වතුර
- තලාගත් සුදුලූනු කෝප්ප 1
- තලාගත් ඉඟුරු මේස හැඳි 2
- කොටු හැඩයට කපාගත් ලූනු කෝප්ප 1
- මාළු සෝස් කෝප්ප 1
- පොඩියට කපාගත් ලුණු සමග පදම් කළ දැල්ලො ස්වල්පයක්
- කොරියන් කෑලි මිරිස් කෝප්ප 2 1/2
- කපාගත් ලීක්ස් කෝප්ප 2
- ලොකුවට කපාගත් ලූනු ගස් 10
- සිහින්ව කපාගත් කැරට් කෝප්ප 1/4
- ලියාගත් රාබු කෝප්ප 2
සාදාගන්නා ආකාරය
ගෝවා තරමක් ලොකු කැබලිවලට කපා වතුරෙන් පොගවා ගෙන ලොකු බේසමකට එකතු කර ගන්න. එයට ලුණු හොඳින් ඉසගන්න. දැන් පැය බාගෙන් බාගෙට ලුණු සමානව ඉසමින් පැය 1 1/2 ක් තබන්න.පසුව තුන් වරක් ගෝවා කැබලි හොඳින් සෝදා වතුර පෙරාගෙන පසෙකින් තබන්න.පෑන් එකකට වතුර කෝප්ප 3 ක් සහ හාල් පිටි එකතුකර ළිප තබා හැඳිගාමින් උකු කර ගන්න.
සීනි එකතු කර විනිවිද පෙනෙන පදමට හදා ගෙන හොදින් නිවෙන්න හරින්න. ෆුඩ් ප්‍රොසෙසර් එකට ඉහත හාල් පිටි මිශ්‍රණය, මාළු සෝස්, මිරිස්, ලූනු, සුදුලූනු සහ ඉඟුරු එකතු කර හොඳින් කොටා ගන්න.
එය ලොකු බෝල් එකකට එකතු කර එයට දැල්ලන් දමාගන්න. ලීක්ස්, ලූනු කොළ, කැරට් සහ රාබු එකතු කරගන්න. මේ සියල්ල හොදින් මිශ්‍ර කර ගෝවා දමා කලවම් කර හොඳින් සීල් වෙන ලොකු භාජනයකට එකතු කර පදම් වීම සදහා දින 2-3 ක් තියන්න.