අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් ග්‍රෑම් 175
- සීනි ග්‍රෑම් 175
- බිත්තර 4
- පිටි ග්‍රෑම් 150
- කොකෝවා පවුඩර් ග්‍රෑම් 50
- වැනිලා තේ හැඳි 1
- බේකින් පවුඩර් තේ හැඳි 1
- ලුණු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
සියළුම ද්‍රව්‍ය එකට එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. ඔයිල් පේපෙර් දාගත් අඟල් 7 ක රවුම් තැටියක එකතුකරන්න. තැටිය මදක් මේසය මත තට්ටු කර මිශ්‍රණය එකම ප්‍රමාණයට තැවරීයැයි තහවුරු කරගන්න.සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 15 ක් ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30 කාලයක් බේක් කරගන්න.
