අවශ්‍ය ද්‍රව්‍ය
- ඇපල් ගෙඩි 1
- ග්‍රයින්ඩ් කරගත් සීනි ග්‍රෑම් 125
- පාන්පිටි ග්‍රෑම් 125
- එළවළු තෙල් මිලිලීටර් 125
- බිත්තර 2
- බේකින් පවුඩර් තේ හැඳි 1
- වැනිලා තේ හැඳි 2
- කිරි කෝප්ප 1/2
- ඇපල් ස්ටු කරගැනීමට
- සීනි මේස හැඳි 4
- තලාගත් එනසාල් 2
- කරාබුනැටි 3
- කුරුඳු පොතු කැබැල්ලක්
සාදාගන්නා ආකාරය
ඇපල් ගෙඩියෙ පොතු ඉවත් කර කෑලි කපාගන්න. භාජනයකට සීනි මේස හැඳි 4 ක් දමා ළිප තබා එයට වතුර මේස හැඳි 4, එනසාල්, කරාබුනැටි සහ කුරුඳු පොතු එකතුකරගන්න. මේ ටික හොඳට උතුරවා පෙරාගෙන සීනි සිරප් එක වතුරෙන් ඉවත් කර තෙතමාත්තු කරගත්ත ඇපල් කෑලිවලට දමාගන්න.
එළවළු තෙල්වලට ග්‍රයින්ඩ් කරගත් සීනි දමා බීට් කරන්න. එයට බිත්තර 2 එකතු කරගන්න. දැන් මේයට බේකින් පුවඩර් එකතු කර හලාගත් පිටි කලවම් කරගන්න. ඉන්පසු කිරි ටිකින් ටික එකතු කර මෆින් ට්‍රේ එකකට ලයිනර්ස් දමා ස්ටු කරගත් ඇපල් කෑලි අඩියට දමාගන්න. උඩින් කේක් මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 10 ක් ප්‍රීහීට් කරගත් අවන් එකක විනාඩි 15 ක් බේක් කරගන්න.