අවශ්‍ය ද්‍රව්‍ය
- අලකොළ අවශ්‍ය පමණට
- ගොරකා පේස්ට් තේ හැඳි 1
- තලාගත් සුදු ලූනු බික් 3
- කපාගත් අමුමිරිස් කරල් 2
- කපාගත් ලූනු ගෙඩියක්
- කරපිංචා ස්වල්පයක්
- කපාගත් තක්කාලි ගෙඩි 1
- පොල්තෙල්
- මිටිකිරි කෝප්පයක්
- දෙහි යුෂ ස්වල්පයක්
- බැදපු තුනපහ තේ හැඳි 1
- මිරිස් කුඩු තේ හැඳි 2
- රස අනුව ලුණු
- උම්බලකඩ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
අලකොළ හොඳින් සෝදා පිරිසුදු කරගෙන වතුර වේලෙනකම් තියන්න. පසුව තරමක් ලොකු කෑලි කපා ගන්න. ඒකට ලුණු, බැදපු තුනපහ හා මිරිස් කුඩු එක්කර හොඳින් කලවම් කරන්න.
භාජනයක් ළිපේ තියලා පොල් තෙල් දාලා රත් වෙන්න තියන්න. ඒකට සුදු ලූනු, කරපිංචා, කපාගත් ලූනු, අමුමිරිස් හා තක්කාලි එකතු කරගෙන තෙම්පරාදු වෙන්න හරින්න. එයට අලකොළ එකතු කර ඒ උඩට ගොරකා පේස්ට් දමා කලවම් කර භාජනය වසා විනාඩි පහක් පමණ මදගින්නේ පිසගන්න. ඊළඟට මිටිකිරි හා උම්බලකඩ එක් කර ළිපෙන් බාන්න කලින් දෙහි ඇඹුල් ටිකක් එකතු කරගන්න.
