අවශ්‍ය ද්‍රව්‍ය
- කීරි සම්බා කිලෝග්‍රෑම් 1
- බණ්ඩක්කා ග්‍රෑම් 100
- තිබ්බටු ග්‍රෑම් 50
- මෑකරල් ග්‍රෑම් 50
- දඹල ග්‍රෑම් 50
- අඹරාගත් සුදු ලූනු බික් 5
- ඉඟුරු කැබැල්ලක්
- මිටිකිරි අඬු කෝප්ප 1
- එළඟිතෙල් මේස හැඳි 2
- රම්පේ, කරපිංචා ස්වල්පයක්
- එනසාල් කරාබු නැටි 3-4
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
සහල් හොඳින් සෝදා එයට රම්පෙ කැබැල්ලක් දමා අවශ්‍ය ප්‍රමාණයට ජලය එක්කර බත පිසගන්න. පිසගත් බත නිවෙන්න හරින්න. පසුව සියලුම එළවළු සිහින්ව කපා වෙන වෙනම රත්වූ ගැඹුරු තෙලේ බැදගන්න.
ඉන්පසුව තෙල් රත්වූ භාජනයකට ඉඟුරු, සුදුලූනු, රම්පේ,කරපිංචා, එනසාල් සහ කරාබු නැටි දමා තෙම්පරාදු කරගන්න. එම මිශ්‍රණයටම මිටිකිරි එක්කර හිදීගෙන එනවිට බැදගත් සියලුම එළවළු වර්ග සහ පිසගත් බත් දමා හොඳින් කලවම් කරගන්න.