අවශ්‍ය ද්‍රව්‍ය
- බිලිං ගෙඩි අවශ්‍ය පමණට
- අමුමිරිස් කරල් 6-7
- රතු ලූනු ගෙඩි 2
- රම්පා හා කරපිංචා
- හාල් මැස්සන් අවශ්‍ය පමණට
- මිරිස් කුඩු මේස හැඳි 1
- කෑලි මිරිස් මේස හැඳි 1
- ලුණු කුඩු තේ හැඳි 1
- බැදගත් කොත්තමල්ලි කුඩු මේස හැඳි 1
- සීනි තේ හැඳි 1
- කුරුඳු පොතු කැබැල්ලක්
- විනාකිරි කෝප්ප 1 /2
- පොල්තෙල් 1/4 පමණ
- දෙහි යුෂ ටිකක්
සාදාගන්නා ආකාරය
මුලින්ම බිලිං සෝදලා දික් අතට කපා ගැඹුරු තෙලේ බැදගන්න. සෝදලා ගත්ත් හාල් මැස්සන්ද ගැඹුරු තෙලේ බැද ගන්න. මැටි වළඳකට විනාකිරි දමා රත් කරගන්න. මෙයට රතු ලූනු දමා විනාඩියක් පමණ තබා ඉවත් කරගන්න.
එයටම අමුමිරිස් දමා ස්වල්ප වේලාවක් තබන්න. දැන් ළිප නිවා විනාකිරිවලට ගම්මිරිස්, මිරිස්කුඩු, සීනි, රම්පේ, කරපිංචා, කුරුඳු සහ කොත්තමල්ලි කුඩු දමා කලවම් කරන්න. බැදගත් බිලිං හා හාල්මැස්සන් දමා කලවම් කරන්න.