අවශ්‍ය ද්‍රව්‍ය
- වැව් මාළු ග්‍රෑම් 500
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1
- සුදු ලූනු බික් 4-5
- කුරුඳු පොතු කැබැල්ලක්
- ගම්මිරිස්කුඩු ස්වල්පයක්
- මිරිස් කුඩු තේ හැඳි 5
- කහ කුඩු තේ හැඳි 1/2
- බැදපු තුනපහ තේ හැදි 1
- එනසාල් තුන හතරක්
- රම්පේ කරපිංචා
- ගොරකා පේස්ට් තේ හැඳි 2
- තක්කාලි ගෙඩි 2
- රස අනුව ලුණු
- ඉඟුරු කැබැල්ලක්
සාදාගන්නා ආකාරය
මාළු හොඳින් සෝදලා අවශ්‍ය පමණට කපා ගන්න. ලූනු, සුදු ලූනු, කුරුඳු, එනසාල් සහ ඉඟුරු වංගෙඩියෙ දමා කොටාගන්න. තෙල් රත් වූ භාජනයකට ලූනු, සුදු ලූනු, රම්පේ සහ කරපිංචා දමා තෙම්පරාදු කර මිරිස් කුඩු සහ කහ කුඩු දමාන්න.
මද වෙලාවකට පසුව වතුර අඬු කෝප්ප 2 ක් පමණ එකතුකර උතුරන්න හරින්න. එයට ගම්මිරිස් සහ ගොරකා පේස්ට් දමා හොඳින් උතුරගෙන එනවිට මාළු එකතු කරගන්න. තක්කාලි කුඩා පෙතිවලට කා උඩින් දමා පියනකින් වසා හින්දවාගන්න.