අවශ්‍ය ද්‍රව්‍ය
- ඉස්සෝ ග්‍රෑම් 250
- මිරිස් කුඩු තේ හැඳි 2
- කහ කුඩු තේ හැඳි 1/4
- ගම්මිරිස් තේ හැඳි 1
- බැදපු තුනපහ තේ හැඳි 1
- විනාකිරි මේස හැඳි 2
- රස අනුව ලුණු
- ගරම් මසාල තේ හැඳි 1/2
- සීනි තේ හැදි 1/2
- දෙහි ගෙඩි 1/2
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 2
- සිහින්ව කපාගත් නයිමිරිස් කරල් 2
- කොටු හැඩයට කපාගත් තක්කාලි ගෙඩි 1
- ඉඟුරු පේස්ට් තේ හැඳි 1
- සුදු ලූනු බික් 5
- එනසාල් ඇට 4
- සූදුරු කුඩු තේ හැඳි 1/4
- කුරුඳු කැබැල්ලක්
- රම්පේ, කරපිංචා
- කරාබු නැටි 2
- මුරුංගා කොළ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
ඉස්සන් හොඳින් පිරිසිදු කර සෝදා කහ, ගම්මිරිස්, මිරිස් කුඩු, තුනපහ, විනාකිරි සහ ලුණු එකතු කර හොඳින් කලවම් කර පැයක් පමණ ශීතකරණයේ තබන්න. කෙසෙල් කොළයක් තවා ගෙන පැත්තකින් තබාගන්න.
ලූනු සහ නයි මිරිස් සිහින්ව කපාගන්න. ඉඟුරු පේස්ට් එක එක්ක සුදු ලූනු අඹර ගන්න. එම මිශ්‍රණයත් එක්ක රම්පෙ, කරපිංචා සහ කුරුඳු පොතු තෙල් රත්වූ පෑන් එකකට දමා තෙම්පරාදු කරගන්න.
පසුව සීසන් කර ගත්ත ඉස්සන් දමා විනාඩි තුන හතරක් හොඳින් කලවම් කරගන්න. පසුව ලූනු හා ලුණු දමා තෙම්පරාදු කර ඉඟුරු, සුදු ලූනු පේස්ට් හා තක්කාලි, කහ කුඩු දමා හොඳින් කලවම් කර පියනකින් වසා තබන්න. එයට මිරිස් කුඩු, සූදුරු, ගරම් මසාලා සහ සීනි දමා ළිපේ ගින්දර වැඩි කර හොඳින් කලවම් කර ළිපෙන් ඉවත්කර ගන්න.
අවසානයට දෙහි යුෂ එකතු කරගන්න. පසුව තවා ගත් කෙසෙල් කොළේ අරගෙන එය මැදට කරපිංචා සහ මුරුංගා කොළ දමා තුනී කර සාදාගත් ඉස්සන් බැදුම උණුවෙන්ම දමා ඊට උඩින් තවත් මුරුංගා කොළ ස්වල්පයක් දමා තුනී කරගන්න.
පාර්සලය හොඳින් ඔතා කෙසෙල් පට්ටයකින් හොඳට ගැට ගහන්න. නන්ස්ටික් පෑන් එකක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් දමා ඔතා ගත් ඉස්සන් පාර්සලේ තබා පියනකින් වසා අඩු ගින්දරේ ස්වල්ප වේලාවක් තබා අනෙක් පැත්තද රත් කරගන්න.
