අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 1
- පාන් පිටි කෝප්ප 1/2
- පාන් කුඩු කෝප්ප 1
- අඟල් 1/2 ක් පමණ ඝනකම් ඌරු මස් පෙති 2
- රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
ඌරු මස් පෙතිවලට අවශ්‍ය තරමට ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර පදම් කර එය පාන් පිටි වල ඌරුමස් පෙති දවටා ගන්න. බිත්තරය හොඳින් ගසාගෙන මස් පෙති දවටා පාන් කුඩු දවටා ගන්න.පෑන් එකකට ෂැලෝ ෆ්‍රයි කරන තරමට තෙල් එකතු කර මස් පෙති හොඳින් බැද තීරු කපා ගන්න.බත් කෝප්පයක්, තක්කාලි පෙත, පිපිඤ්ඤා පෙති සහ හීනියට ලියා ගත් ගෝවා දමා පිළිගන්වන්න.