අවශ්‍ය ද්‍රව්‍ය
- ගෝවා කොළ 3
- සිහින්ව කපාගත් ලූනු කොළ 2
- සිහින්ව කපාගත් හතු ස්වල්පයක්
- අඹරාගත් මස් ග්‍රෑම් 300
- ග්‍රේට් කරගත් සුදුලූනු බික් 2
- ග්‍රේට් කරගත් අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්
- සකේ තේ හැඳි 1
- තල තෙල් තේ හැඳි 1
- සෝයා සෝස් තේ හැඳි 1
- රස අනුව ලුණු
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
- Gyoza ශීට් පැකට් 1
- වතුර ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
වතුර හොඳින් මිරිකා ගෝවා කොළ සහ ලුණු එකතු කර විනාඩි 15 ක් පමණ වසා තබා සිහින්ව කපා ගන්න.එයට ලූනු කොළ, හතු, මස්, සුදු ලූනු, ඉඟුරු, සකේ, තල තෙල්, සෝයා සෝස්, ලූනු, ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් අනා විනාඩි 30 ක් පමණ පදම් වෙන්න හරින්න.Gyoza ශීට් පැකට් එකෙන් එක ශීට් එකක් ගෙන අත්ල මත තබා ඉහත මිශ්‍රණයෙන් තේ හැඳි 1 ක් මැදින් තියා වටේට වතුර ස්වල්පයක් තවරා පැටිස් හැඩයට නවාගන්න. පෑන් එකක් ළිප තබා එයට තෙල් මේස හැඳි 1 දමා මද ගින්දරේ ඉහත සාදාගත් Gyoza වටේට තියා එක පැත්තක් පමණක් රන්වන් පාට වනතුරු රෝස්ට් කර ගන්න.
