පේරාදෙණියේ සුජාත හාමුදුරුවෝ ඇමරිකා එක්සත් ජනපදයේ බ්ලූ ලෝටස් පන්සලේ වැඩ වාසය කරමින් අපේ රටේ සනාථ සුවය භාවනා මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කරගෙන සමාජ සත්කාර කරන සුපෙශල ශිෂ්යකාමී ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ විසින් ගර්භනී මාතාවන් හට නොමිලේ ආධාර කිරීම සිදුකරනවා. ගර්භනී මව්වරු තුන්සීයක් තෝර ගෙන ඔවුන් වෙනුවෙන් සෙත් පිරිත් සජ්ඣායනා කිරීම වගේම මෛත්‍රී භාවනාවෙන් දරු ගබඩ ශාන්ති කිරීම උන්වහන්සේ සිදුකර තියෙනවා. මීට අමතරව ඔවුන්ට අවශ්‍ය පහළොස් දාහක වටිනාකමකින් මූලික උපකරණ පරිත්‍යාග කිරිම සිදුකර තියෙනවා.
ඉන්න හිටින්න හිටින්න තැන් නොමැති පවුල් වලට නිවාස ව්‍යාපෘතිද සිදු කර ඔවුන්ට නිවාස තනාදීම සිදුකර තියෙනවා. ඒ අවුරුදු 25 ක් පුරාවටයි.
විශේෂ අවශ්‍යතාවයන් ඇති දරුවන් වෙනුවෙන් කස්ටර් මේ උපාංග ලබාදීමද සිදු කර සිදු කර තිබෙනවා. විශේෂ දරුවන් වෙනුවෙන් උන්වහන්සේගේ අවධානය යොමු වන්නේ වරක් ලංකාවට පැමිණි මොහොතේ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ බෞද්ධ චිකිත්සක මහත්මයෙක් කරන ලද ඉල්ලීමකට අනුවයි.
එමෙන්ම උන්වහන්සේ කුරුණෑගල පාසලක් තෝරා ගෙන ජල පිරිපහදු ඒකකයක්ද නිර්මාණය කර ඇත. එම ජල ව්‍යාපෘතිය නිසා පාසලට පමණක් නොව ගමේ පවුල්වලටත් පිරිසිදු ජලය ලැබී ඇත.
උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ බුදුන් වහන්සේ දේශනා කළ අන්දමට මාර්ග පාලම් නිවාස ඉදිකිරීමක් ලොකු පින්කමක් බවත් ඒ සදහා ප්‍රසිද්ධියක් අනවශ්‍ය බවත් ය.
මෙම පින්කම් වලට ප්‍රධාන වශයෙන් අත හිතදෙනු ලබන්නේ ඇමරිකානූ ජාතිකයින් හා එරට ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන්ය.