නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හාස්‍ය සහ භීතිය එකම තිරයකට ගෙනා Bhool Bhulaiyaa 03
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Movies

හාස්‍ය සහ භීතිය එකම තිරයකට ගෙනා Bhool Bhulaiyaa 03

Published November 4, 2024

නොවැම්බර් 1 වැනිදා තිරගතවීමට නියමිත Bhool Bhulaiyaa චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය ගැනයි අපි අද ඔයාලට අරන් ආවේ.

Bhool Bhulaiyaa  පළමු චිත්‍රපටය 2007 වසරේ තිරගත වුණු අතර ඒ සදහා අක්ෂේ කුමාර්, විද්‍යා බාලන්, රාජ්පාල් යාදෙව්, පාරේෂ් රාවල් රංගනයෙන් දායක වුණා. 1993 දි මලයාලම් භාෂාවෙන් තිරගත වූ  Manichitrathaszu චිත්‍රපටයේ රීමේක් එකක් විදිහට Bhool Bhulaiyaa නිර්මාණය වෙනවා.

ප්‍රියදර්ශන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු මේ පළමු චිත්‍රපටය නිර්මාණයට කෝටි 32 ක් වැය කර තිබෙනවා ඒ වගේම බොක්ස් ඔෆිස් වාර්තා බිද හෙළමින් ඉන්දියානු රුපියල් කෝටි 82 ක අදායමක් ලබාගැනීමටද සමත් වෙලා තියෙනවා.

ඒ වගේම මෙහි දෙවනි චිත්‍රපටය තිරගත කරන්නේ 2022 දි. එය Anees Bazmee විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. කෝටි 70 වියදමින් නිර්මාණය වුණු මෙම චිත්‍රපටය කෝටි 266 ක අදායමක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිත තාබු, කියාරා අද්වානි හා කාර්තික් ආර්යන් නිරූපණය කරනවා.

Commedy හා Horror ගනයට වැටෙන Bhool Bhulaiyaa  තුන්වන චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Anees Bazmee විසින්. මධූරි ඩික්සිත්, විද්‍යාබාලන් වැනි සුප්‍රසිද්ධ රංගන ශිල්පින් මේ සදහා රංගන දායකත්වය සපයලා තියෙනවා.

හින්දි භාෂාවෙන් තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය කෝටි 150 කින් නිමවූවක්. මධුරිගෙත් විද්‍යා බාලන්ගෙත් අති විශිෂ්ඨ නර්තන හැකියාවන් මේ චිත්‍රපටයෙන් අපිට දැකබලා ගන්න පුළුවන්. ඒ වගේම විද්‍යා බාලන් මේ චිත්‍රපටය සදහාම තම ශරීරයේ බර අඩුකරගෙන කියලා තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

නිපුනි සම්මානි ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ආයෙත් අපි හමුවට එන Moon Knight

March 10, 2025

20කට පසු Main Hoon Na 2 එයි

February 24, 2025

ඩොලර් මිලියන ගණනක රෙකෝඩ් තියපු 2025 පළමු චිත්‍රපටිය

February 17, 2025

මරණයෙන් බේරෙන්න උත්සාහ කරන The Final Destination

February 10, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?