නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දොස්තරයි ලෙඩයි දෙන්නම අමාරුවේ වැටෙන ලෙඩේ Spondyloarthritis
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

දොස්තරයි ලෙඩයි දෙන්නම අමාරුවේ වැටෙන ලෙඩේ Spondyloarthritis

Published April 21, 2025

Spondyloarthritis කියන්නේ මොකක්ද?

Spondyloarthritis රෝග තත්ත්වය කොන්ද, දණහිස, උකුල, වළලුකර වැනි ලොකු හන්දිවල ඇතිවන ආතරයිටිස් වර්ගයක්. මෙහි ප්‍රභේද කීපයක් තිබෙනවා. සමහර රෝගීන්ගේ මේ තත්ත්වය කොන්දේ පමණක් ඇතිවනවා. එය Sacroillac joints යනුවෙන් හැඳින්වෙන කොන්දේ යටින්ම තිබෙන හන්දිවලින් පටන්ගෙන ටිකෙන් ටික කොන්දේ ඉහළට යනවා. ඉස්සර මේ රෝග තත්වය ankylosing spondylytis යනුවෙන් හැඳින්වුණා. තවත් සමහර අයගේ මේ තත්ත්වය කොන්දේ ඇතිවන අතරම දණහිස, වළලුකර ආශ්‍රිත හන්දි සහ මස්පිඩු, උකුල, උරහිස වගේ හන්දිවලත් ඇති වෙනවා. තවත් අයගේ මේ රෝග තත්ත්වය පොතු කබර (psoriasis) ලෙසින් සහ තවත් අයගේ inflammatory bowel disease ලෙස හැඳින්වෙන රෝග තත්ත්වය සමග ඇතිවනවා.

ආතරයිටිස් තත්ත්වය නරක අතට හැරෙන්නේ ඇයි?

බොහෝ දෙනෙක් මේ රෝග තත්ත්වය ගැන සැලකීමක් නැහැ. වයස අවුරුදු 45 ට අඩු අයට ඇතිවන කොන්ද කැක්කුම කිසිවිටෙක නොසලකා සිටින්න එපා. නිසිකලට නිසි සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමු වී රෝග නිර්ණය කරගැනීම ඉතාම වැදගත්. එවිට ඔබට ආතරයිටිස් රෝග තත්ත්වය වැළඳී තිබෙන බව වෛද්‍යවරයා විසින් හඳාුනාගනු ඇත. ඒ වගේම කොන්ද කැක්කුම ඇති රෝගීන්ගෙන් 10% කට පමණ මෙම ආතරයිටිස් රෝග තත්ත්වය තිබෙනවා.

රෝග ලක්ෂණ මොනවාද?

මූලික ලක්ෂණය නම් තුනටිය ප්‍රදේශයේ ඇතිවන කැක්කුම සඳහන් කරන්න පුළුවන්. මෙම කැක්කුම උදේ පාන්දරට සහ රාත්‍රියේදී වැඩියෙන් දැනෙනවා. විවේකීව සිටින විට කැක්කුම වැඩිවීමත්, කොන්ද ක්‍රියාකාරී වෙන කටයුතුවල යෙදෙන විට කැක්කුම අඩුවෙන බවකුත් මෙම රෝගීන් සඳහන් කරනවා. ඊට අමතරව මාරුවෙන් මාරුවට තට්ටම් දෙකේ කැක්කුම ඇතිවෙන්න පුළුවන්. උදේට අවදි වෙන විට සහ ටික වේලාවක් එක තැන වාඩිවී සිටින විට නැගිටින්න හදන විට, කොන්ද දිග ඇරගන්න අමාරු හිර ගතියක් බහුතරයක්

රෝගීන්ට තිබෙනවා. කැක්කුමට දෙන NSAIDS යන ඖෂධවලට දින දෙක තුනක් කැක්කුම අඩුවීම රෝගයේ මුල් අවදියේදී දකින්න පුළුවන්.නිසිකලට නිසි ප්‍රතිකාර ලබා නොගහොත් කොන්ද පහළ සිට ඉහළට ක්‍රමයෙන් රෝගය පැතිරී ගොස් කොන්දේ ඇති නම්‍යශීලී බව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එම තත්වය Bamboo spine යනුවෙන් හැඳින්වෙනවා. බෙල්ලේ අස්ථි එකිනෙකට හාවෙන හින්දා බෙල්ල බිමට නැවිලා හිටින්න පුළුවන්.

මේ රෝගය සමග ඇතිවන අනෙක් රෝග ලක්ෂණ ගැනත් සඳහන් කරනවා නම්

දණහිස, වළලුකර වගේ හන්දිවල එන කැක්කුම සමග ඉදිමීම නොසලකා සිටියොත් හන්දි ඇද වී යෑමට පුළුවන්. උදේ අවදි වීමෙන් පසුව විලුඹ බිම තියන්න නොහැකි Plantar fascitis යන තත්ත්වය මෙම රෝගීන් අතර බහුලව දකින්න ලැබෙනවා. ඊට අමතරව වළලුකර පිටුපස ඉදිමීම නිසා දැඩි වේදනාව දෙන Achilles tendinitis තත්ත්වයන් දකින්න ලැබෙනවා. ඒ වගේම ඉහත රෝග ලක්ෂණවලට ලබාදෙන ඖෂධීය ප්‍රතිකාරවලට සම්පූර්ණයෙන් රෝග ලක්ෂණ අඩු නොවුණහොත් Spondyloarthritis රෝගය වැළඳී තිබෙනවාදැයි සෙවීමට සිදු වෙනවා.

උරහිසට රෝගය එන විට සන්දියට අදාළ මස්පිඩු ඉදිමීම (උදාහරණ supraspinatus tendinitis) සන්දියේ කාටිලේජ ගෙවී යෑම වැනි තත්ත්වයක් ඇතිවන්න පුළුවන්. එය මුලින් නිවරැදිව ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක්.අත්වල මුළු ඇඟිල්ලම ඉදිමීම සමග ඇති dactylitis රෝග තත්ත්වය සමහර අයට ඇතිවනවා. බොහෝ විට ඇඟිල්ලට විෂබීජ ගිහින් කියන වැරදි රෝග නිර්ණය සිදුවන්න පුළුවන්.

ඒ වගේම පපුවේ ඉදිරිපස හන්දිවල ඇතිවන කැක්කුම සහ හුස්ම ගැනීමේ ුඅපහසුතාව බහුලව දකින්න පුළුවන්. මේ තත්ත්වය costochodrtis යනුවෙන් හැඳින්වෙනවා. මෙය පපුවේ රෝග තත්ත්වයක් ලෙසින් රෝගියා හිතනවා. නමුත් ප්‍රාථමික ප්‍රතිකාරවලට රෝග තත්ත්වයේ අඩුවීමක් නැත්නම් වෛද්‍යවරුන් විසින් එය Spondyloarthritis රෝග තත්ත්වයක් දැයි සොයා බලනවා.ඊට අමතරව දණහිස, උකුලෟ වළලුකර වගේ සන්දිවල කැක්කුම, ඉදිමීම ඇති වෙන්න පුළුවන්. නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් සන්දි ඇද වෙනවා. එය උග්‍ර තත්ත්වයට පත්වුණොත් දණිහිස, උකුල බද්ධකිරීමට පවා සිදුවනවා.

මෙම රෝගය නිසා සන්දිවලට අමතරව වෙනත් අවයවවලට බලපෑම් ඇතිවන්න පුළුවන්ද?

ඔව්. ඇසක ඇතිවෙන Uveitis තත්වයට නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් ඇස් අන්ධ වෙන්න පුළුවන්. පෙනහලුවලට බලපෑම නිසා interstitial lung disease නමින් හඳුන්වන පෙනහලු දියවී යන රෝග තත්ත්වය ඇතිවන්න පුළුවන්. මෙම තත්ත්වය රෝගියාගේ ජීවිතයට අවදානමක් ඇතිකරනවා. සිරුරේ විශාල ලේ නහර aortitis රෝග තත්ත්වය ඇතිවුණොත් ලේ නහර පුපුරා ගොස් මරණය පවා ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය ඇතිවන්නේ නිසිකලට නිසි ප්‍රතිකාර ලබා නොගන්නා රෝගින්ටයි. ඒ වගේම ඔස්ටියෝපොරෝසිස් රෝග අවදානම පවා වැඩිවනවා. පොතු කබර (psoriasis) සහ inflammatory bowel disease නමින් හැඳින්වෙන බඩවැලේ රෝග තත්ත්වය සමගත් Spondyloarthritis ඇතිවන්න පුළුවන්.

මෙම රෝග නිර්ණය කරන්නේ කොහොමද?

මේ අවස්ථාවේදී තමා ලෙඩයි දොස්තරයි දෙන්නම අමාරුවේ වැටෙන්නේ. වෙනත් ආතරයිටිස් රෝගවලදි වගේම රෝග ලක්ෂණ අනුව (clinical diagnosis) රෝග නිර්ණය කිරීම සිදුවනවා. ඊට අදාළව වෛද්‍යවරයා විසින් එක්ස්රේ, අල්ට්‍රාසවුන්ඩ් සහ MRI පරීක්ෂණ අවශ්‍යද නැතිද බව තීරණය කරනවා.

මෙම රෝගය ඇති රෝගින්ගෙන් 50% ක් පමණ රෝගීන්ට ESR සහ CRP යන ලේ පරීක්ෂණ දෙකම සාමාන්‍ය වුණත් මෙම රෝගය ඇඟේ තිබෙන්න පුළුවන්. ඊට අමතරව HLA 27 රුධිර පරීක්ෂණ වාර්තාව සමහර රෝගීන්ගේ ධනාත්මක ( Positive) වෙනවා. මෙම වාර්තාව පොසිටිව් වූ පමණින් හැම ලෙඩාටම ලෙඩේ හැදෙන්නෙත් නැහැ. මේ වාර්තාව Positive වන හැම රෝගියෙකුටමත් ඖෂධ අවශ්‍ය වෙන්නේ නැහැ. මම මුලින් සඳහන් කළා රෝග නිර්ණය කරන අවස්ථාවේදී දොස්තර අමාරුවේ වැටෙනවා කියලා. ඒ ඇයි කියල දැන් ඔබට තේරෙනවා ඇති.

රෝගයට ප්‍රතිකාර කරන්නේ කොහොමද?

ප්‍රතිකාර ලබාදීම රෝගය තිබෙන හන්දි අනුව තීරණය වෙනවා. කොන්දේ පමණක් රෝගය තිබෙනවා නම් මම මුලින් සඳහන් කළ NSAID වර්ගයට අයත් ඖෂධ සති කීපයක් ලබාදෙනවා.රෝගය පාලනයක් නැත්නම් Biologics යන අලුත් ආතරයිටිස් ඖෂධ ලබාදෙනවා.

කොන්දෙන් පරිබාහිර සන්දිවලත් රෝගය තිබෙන රෝගීන්ට Sulfasalaine වැනි DMARS ලෙස හැඳින්වෙන ඖෂධ ගැනීමට සිදු වෙනවා. ඊට අමතරව Injection ලබාදෙනවා.Physiotheraphyවලින් කොන්ද කැක්කුමට උරහිස කැක්කුමට සහනයක් ලැබෙන්න පුළුවන්. නමුත් කිසිම විටෙක වෛද්‍ය නිසි රෝග නිර්ණයක් සහ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව Physiotherapyවලට යොමු වෙන්න එපා. මෙහිදී කැක්කුම අඩුවෙන විට රෝගය යට යනවා යැයි

රෝගියා සිතනවා. නමුත් මෙහිදී සිදුවෙන්නේ රෝග ලක්ෂණ අඩුවීම පමණයි. සිරුර අභ්‍යන්තරයේ රෝගය ඒ අන්දමින්ම තිබෙනවා. වේදනාව අඩුකරන තෙල් සහ අනෙකුත් ආලේපන වලින්ද කැක්කුම අඩුවුණත් රෝගය සිරුරෙන් ඉවත් වෙන්නේ නැහැ. නැවතත් සියළු සංකුලතාවයන් ඇතිවනවා. මේ අන්දමින්ම උරහිසේ කැක්කුම්වලට නිසි ප්‍රතිකාර නොගෙන සිටියොත් උරහිසේ මස්පිඩු ඉරී යෑම සිදුවනවා.

රෝගීන්ට ලබාදෙන පණිවිඩය

මෙම රෝග වලට Disease modification නොකොට රෝග ලක්ෂණ පමණක් පාලනය කිරීම පලක් නැහැ. පසුකාලීනව සංකුලතාවයන් මතුවිය හැකියි. ඒ නිසා ආතරයිටිස් රෝගවලට ලබාදෙන ප්‍රධාන ඖෂධ Disease modification and rheumatoid drugs (DMARD ) යනුවෙන් හැඳින්වෙනවා.

එබැවින් ඉහත රෝග ලක්ෂණ තිබෙනවා නම් හන්දි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න. නිසිකලට නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් ඔබට සුව කර ගත හැකිව තිබුණ රෝග තත්ත්වය සදාකාලිකව ඖෂධ මත යැපෙන තත්ත්වයට පත්වනවා. ඒ වගේම දිගු කාලයක් ප්‍රතිකාර ලබාගෙන සංකුලතාවන්ගෙන් ආරක්ෂා වී සිටි රෝගීන්ටත් සංකුලතාවන් ඇති වී ආයුෂ කෙටි වීමට පුළුවන්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️













 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025

හන්දි වේදනාව, ඉදිමුම, උණ සමග රතු ලප තිබෙනවා නම් චිකුන්ගුන්යා විය හැකියි වහාම ප්‍රතිකාර ගන්න

May 12, 2025

Full Blood Count එකකින් කියවෙන්නේ මොනවද

May 12, 2025

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?