නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රෝද දෙකට නගින්න පෙර සිතා බලන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

රෝද දෙකට නගින්න පෙර සිතා බලන්න

Published November 18, 2024

“අදත් මෝටර් බයික් එකක් ඇක්සිඩන්ට් වෙලා. ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ කොල්ලෙක්. දැකපු අය නම් කිව්වේ මෝටර් බයික් එකෙන් ඉගිල්ලුණා කියලා.”
“අපරාදේ තරුණ ජීවිතයක්. මං හිතන්නේ කකුලක් කපන්න වෙයි වගේ. එයාව හොස්පිටල් එකට ගෙනියනකොට කට්ටිය එහෙම කිව්වා.”
මේ වගේ අනතුරු ඕන තරම් අපි අහලත් ඇති දැකලත් ඇති. ලංකාවේ මේ වෙනකොට වැඩිම අනතුරු ප්‍රමාණයක් මහා මාර්ගයෙදි සිදුවෙන්නේ මෝටර් බයික්වලින් සහ ත්‍රීවිල්වලින් කියලයි වාර්තා වෙන්නේ. ඇත්තටම මේ අනතුරු සියල්ල රිය පදවන අයගේ තියෙන නොසැලකිලිමත්කම නිසාමයි. ඒ නිසා මේ අනතුරු සියල්ල වළක්වාගත හැකි ඒවා…

මෝටර් බයිසිකලයකින් සිදුවිය හැකි සාමාන්‍ය පොදු අනතුරු මොනවාද?

මෝටර් බයිසිකල් නිසා සිදුවන මාර්ග අනතුරු ගැන කතාකරන විට, එය අනතුර සිදුවන ආකාරය අනුව අනතුරේ ස්වාභාවය වෙනස් වෙනවා.

■ ධාවකයා හෙවත් බයිසිකලය පදවන පුද්ගලයා අනතුරට ලක්වීම…

අනතුරක් සිදුවුණ විට බයිසිකලය පදවන තැනැත්තාගේ හිසට අනතුරු වීමට වැඩි අවස්ථාවක් තිබෙනවා.

■ බයිසිකලය පිටුපස යන පුද්ගලයා එම ආසනයෙන් විසිවී ඉවතට වැටීම…

මෙවැනි අනතුරු බහුලයි. ඇතිවන හානි වැඩියි විවිධාකාරයි.

■ පදිකයා හෙවත් මාර්ගයේ ගමන් කරන අයකු අනතුරකට ලක්වීම…

විශේෂයෙන් අනතුරට ලක්වන පුද්ගලයාගේ පාද, උදරය වැනි සිරුරෙන් පහළ කොටසට අනතුරු සිදුවීම වැඩියි. අධික වේගයකින් පැමිණි බයිසිකලයක් නම් අනතුරේදී පදිකයා වගේම ධාවකයාටත් බරපතළ හානි සිදුවේ.

මෝටර් බයිසිකල් අනතුරක් සිදුවුණ විට ඒ අවස්ථාවේදී සමාජයේ පිරිස උදව් කළ යුත්තේ කෙසේද?

සමාජයේ පිරිස මෙහිදී ඉතාම ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත්. අනතුරට පත්වුණ පුද්ගලයාට අවධානය දීමට වඩා බොහෝ විට සමාජය ආවේගශීලීව හැසිරෙන ආකාරය අප දැක තිබෙනවා. නමුත් කළ යුත්තේ එය නොවෙයි. අනතුරට පත් පුද්ගලයා ඉවත් කරගැනීම සහ ප්‍රතිකාර වෙනුවෙන් යොමුකිරීමයි වහාම කළ යුත්තේ.

ඒ වගේම අනතුරට පත් අයකු ඉවත් කරගැනීම ප්‍රවේසමෙන් කළ යුතු වනවා. මන්ද සමහර විට අනතුරට පත් වූ අය බේරා ගැනීමට යෑමෙන් තවත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් එය නොදැනුවත්කම නිසා සිදුවෙන්නක්.

අනතුරට පත් පුද්ගලයකුගේ විශේෂයෙන් බෙල්ල, හිස ප්‍රදේශයට හානි වී තිබෙනවා නම් එම ස්ථානයෙන් ඉතා ප්‍රවේසමෙන් ඉවතට ගැනීම කළ යුතුයි. මෙහිදී පුහුණුව ලත් අයකුගේ උපකාර ලබාගැනීම වඩාත් සුදුසුයි.

මෙවැනි අවස්ථාවකදී 1990 ගිලන් රථ සේවාවට දැනුම් දීම වඩාත් සුදුසුයි. ඒ වගේම අනතුරට පත් කෙනෙකු රෝහල්ගත කිරීමේදීත් ප්‍රතිකාර ලබාදීමේ වැඩි පහසුකම් සහිත රෝහලක් වෙත ගෙන යෑමත් සුදුසුයි. එහෙම නැති වුණොත් ඒ රෝගියා නැවත වෙනත් රෝහලකට මාරු කිරීමට සිදුවනවා. එවිට රෝගියාටත් අපහසුයි. ඒ වාගේම ප්‍රතිකාර ලබාදීමත් ප්‍රමාද වෙනවා.

අනතුරට පත් පුද්ගලයාගේ තුවාල යම් ප්‍රමාණයකින් පිරිසිදු කිරීමක් සහ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිනම් කළ යුත්තේ කුමක්ද?

සමහර අවස්ථාවලදී හෙල්මට් එක හිරවීම නිසා අනතුරට පත් පුද්ගලයාට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවෙන්න පුළුවන්. මෙහිදී හෙල්මට් එක ගැලවීම අවශ්‍යයි. මෙය නිවරැදි ක්‍රමයට ගැලවීම කළ යුතුයි.

ඒ පිළිබඳව සමාජය දැනුවත්ව සිටිනවා නම් ඉතාම වැදගත්. අනතුරකට පත් අයෙකුගේ හෙල්මට් එක ගලවන ආරක්ෂාකාරී ක්‍රම ගැන National Trauma Secretariat වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්.

තුවාලකරුගේ බාහිරව පෙනෙන දූවිලි, වීදුරු කටු ආදිය ඉවත් කිරීම පවා ඉතා පරිස්සමෙන් කළ යුතු වනවා. ලේ ගලන තුවාලයක් ඇත්නම් ඒ ස්ථානයට ඉහළින් පීඩනයක් යෙදීමෙන් රුධිර වහනය නැවැත්විය හැකියි. මෙලෙස රුධිරවහනය නැවැත්වීමෙන් අනතුරට පත් පුද්ගලයාගේ ජීවිත අවදානම ඉවත් කරගත හැකියි.

මේ වෙනුවෙන් දැන් Stop Bleeding උපාංග කට්ටලයක් හඳුන්වා දෙමින් තිබෙනවා. මේ උපාංග කට්ටලයෙන් පුද්ගලයකු අනතුරට පත් වූ අවස්ථාවකදී ප්‍රථමාධාර ලබාදීමෙන් පසු රෝගියා ළඟම ඇති රෝහලට ප්‍රවාහනය කළ හැකියි.

අද කාන්තාවන් බොහෝ දෙනෙක් ස්කුටිය පැදීම නිසා මෝටර් බයිසිකල් අනතුරුවලට මුහුණ දෙන ආකාරය දැක තිබෙනවා.ඒ ගැන කතා කළොත්

එයට බොහෝ විට හේතු වෙන්නේ බයිසිකල් පාලනය කරගැනීමේ ඇති අපහසුතාවයි. එය ස්කුටිය නිර්මාණයේ තිබෙන දුර්වලතාවක්. ඒ නිසා පොඩි අනතුරකදී පවා විසිවීම දැකිය හැකියි. එම නිසා කාන්තාවන් අනතුරුවලට මුහුණ දෙනවා.

මෝටර් බයිසිකල් අනතුරු වළක්වා ගැනීමට ජනතාව කළ යුත්තේ කුමක්ද?

මාර්ග අනතුරු නිසා දවසකට මිනිස් ජීවිත 6 සිට 8 දක්වා ප්‍රමාණයක් අහිමි වෙනවා. තවත් පිරිසක් සදාකාලික දුබලතාවට පත්වනවා. අපේ රටේ පලදායී ජීවිත මේ විදිහට අහිමි වීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්.

අධික වේගය, බීමත්ව රිය පැදවීම, මාර්ගනීති රීති අනුගමනය නොකිරීම සහ නිදිමත වැනි හේතු නිසා මෝටර් බයිසිකල් අනතුරු සිදුවනවා. බයිසිකලයේ යන සියලු දෙනාම හෙල්මට් පැළඳීම වැදගත්. 2024 ජනවාරි පළමු වැනි සිට ඔක්තෝබර් 31 වැනි දින විට 1878 දෙනෙක් මෙම අනතුරුවලින් මරණයට පත්වෙලා තිබෙනවා.

අනතුරකින් සිදුවන හානිය අවම කිරීමට නම්…

  • හෙල්මට් එකේ පටිය දාන්න
  • ජැකට් එකක් පළඳින්න
  • ඩෙනිම් වැනි ඝනකම් කළිසමක් අඳින්න
  • සපත්තු දමන්න

අපි සාමාන්‍යයෙන් කියන්නේ පනින්න පෙර සිතා බලන්න කියලා. නමුත් ඔබ මෝටර් බයිසිකලයට නගින්න පෙරාතුව ඔබේ ආරක්ෂාව සලසා ගන්න. ඔබේ මෝටර් බයිසිකලය නිසා තවත් අයකු අනතුරකට පත් නොවන විදිහට මෝටර් බයිසිකලය පදවන්න.

හරින්දී ලියනගේ ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බඩවැලෙත් ලෙඩ ඇතිවෙන්න පුළුවන්

May 19, 2025

ජානමය හේතු නිසා ඇතිවන තයිරොයිඩ් රෝග

May 19, 2025

ටෙස්ටොස්ටොරන් මට්ටම හොඳින් තියාගන්න.

May 19, 2025

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?