නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වයස නිසා දත් වැටෙනවා කියන්නේ බොරු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

වයස නිසා දත් වැටෙනවා කියන්නේ බොරු

Published September 30, 2024

ජීව විද්‍යාත්මකව අපි වයස්ගත වීම සාමාන්‍යයි. ඒ සමගම දත්වැටීම සිදුවුණාම අපි කියන්නේ වයස්ගත වන විට දත් හැලෙනවා, ඒක ඉතින් සාමාන්‍ය දෙයක් කියලයි. ඒ වුණත් ඔබ වැරදියි. වයස්ගත වුණාටම දත් හැලෙන්නේ නැහැ. සමහර විට ඔබේම පවුලේ මුතුන්මිත්තන්ගේ ජීවිතාන්තය දක්වම දත් තිබුණ බවට පවුලේ උදවිය සාක්ෂි දරනවා ඇති. අවුරුදු 90 ක් ගතවෙලා මියගියත් කටේ එක දතක්වත් හෙලවුනේවත් නැහැ. ඔබේ ජීවිතයේ අවසාන මොහොත වනතෙක් මුඛයේ දත්ටික තබාගැනීමට නම් ඉතා හොඳින් දත් රැකබලා ගැනීම අවශ්‍යයි.

දත් හැලෙන්නේ වයසට නොවෙයි

දත් හැලෙන්නේ විදුරුමස ආශ්‍රිත රෝග නිසා මිසක් වයසට නොවෙයි යන විද්‍යාත්මක සත්‍යය බොහෝදෙනෙක් දන්නේ නැහැ. විදුරුමස් ආශ්‍රිත රෝග පරිදන්ත රෝග ලෙසින් හඳුන්වනවා. ශ්‍රීි ලංකාවේ ජනගහනය අතර පරිදන්ත රෝග ඉතා සුලබයි. අපි පරිදන්ත රෝග ලෙසින් සලකන්නේ මොනවාද කිව්වොත්

  • දත්මුල් දියවීම
  • දත්මුල් ඉදිමීම
  • දත්මුල් ආශ්‍රිතව ඇතිවන ආසාදන
  • දත් සෙලවීම

පරිදන්ත රෝග තත්ත්වයක් රෝගියා විසින් හඳුනාගන්නේ කොහොමද?

අපේ මුඛයේ පවතින විදුරුමස් ආශ්‍රිත රෝග තත්ත්වයක් අපට පහසුවෙන් හඳුනාගන්න පුළුවන්.

ඔබ කණ්ණාඩියක් ඉදිරියට ගොස් දත් මදින විට විදුරුමසෙන් ලේ ගලනවා නම් දත් මුල් ආශ්‍රිත රෝග තත්ත්වයක් විය හැකියි. නමුත් මෙහිදී දත් බුරුසුව වැදීමෙන් රුධිරය ගැලීමක් වෙනවා නම් එය පරිදන්ත රෝග තත්වයක් ලෙසින් සලකන්න බැහැ.

■ මුඛයෙන් දුර්ගන්ධයක් හැමීම

■ විදුරුමස ඇඟිල්ලෙන් තෙරපන විට රුධිරය, සැරව වහනය වීම

■ විදුරුමසේ ආවේණික පැහැය ඉදිමීම නිසා වෙනස් වීම

විදුරුමස් රෝග ඇතිවීමට හේතු

අහිතකර බැක්ටීරියා ක්‍රියාකාරිත්වයෙන් ඇතිවන දත් මැලියම් දත් සහ විදුරුමස අතර එකතුවෙනවා. දත් මැලියම්වල තිබෙන බැක්ටීරියා විෂ රසායනයන් නිපදවන නිසා එයින් විදුරුමස ආසාදනයට පත්වනවා. මේ ආසාදන අපිට මේ විදිහට දකින්න පුළුවන්.

  • විදුරුමස රතුවීම
  • ඉදිමීම
  • විදුරුමසින් ලේ ගැලීම
  • කාලයත් සමග විදුරුමසේ පටක කොටස් දියවී දතෙහි මුල පිටතට නිරාවරණය වීම
  • ඉහත තත්ත්වය නිසා අස්ථිය දුර්වල වී දත සෙලවීම

දත් අහිමිවීම නිසා ඇතිවන අතුරු සංකුලතාවයන් මොනවාද?

අකලට වගේම වයසත් සමග වුණත් දතක් අහිමිවීම පුද්ගලයකුගේ බාහිර ප්‍රතිරූපයට බලපානවා. ඒ පුද්ගලයාගේ මුහුණේ පෙනුම නැතිවීම නිසා පෞරුෂයට බලපානවා.ඒ වගේම මුඛයේ දත්වැටීම නිසා එක් හනුවකින් ආහාර විකන්න පටන් ගන්නවා. ඒ හනුව අධික ලෙසින් ක්‍රියාකාරී වීම නිසා ගෙවෙන්න පටන් ගැනීමෙනුත් මුහුනේ පෙනුම අවලස්සන වෙනවා.

දත් සෙලවීමට පටන් ගත් විට ප්‍රතිකාර අඩුයි

ඔබේ දත් සෙලවෙන්න පටන් ගත් විට ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම අපහසුයි. ඒ නිසා ඔබේ දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම වැදගත්. මාස හයකට වරක් හෝ සුදුසුකම් ලත් වෙද්‍යවරයකු ලවා දත් පරීක්ෂා කරගෙන දත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වූ ප්‍රතිකාර කල්තබා ලබාගැනීම ඉතාම වැදගත්. දතක් දිරන ලක්ෂණ පහළ වී ඇත්නම් ඒ වෙනුවෙන් මූලික අදියරේදීම ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව තිබෙනවා.

වැඩිහිටි අවධියේදී දත් දිරායෑම වළක්වා ගැනීම සඳහා ආලේප කරන ‘ෆෝලෝරයිඩ් වාර්නිෂ්’ වැනි ප්‍රතිකාර තිබෙනවා. දන්ත ශල්‍ය වෛද්‍යවරයකුගෙන් මෙම ප්‍රතිකාර ලබාගත හැකියි. මෙය මාස 4 කට 6 කට වරක් ලබා ගැනීම අවශ්‍ය වනවා.හොඳින් ජලය පානය කිරීමත් දන්ත සෞඛ්‍යට බලපාන වැදගත් කරුණක්. මුඛයේ තෙතමනය රඳවාගැනීම නිසා කෙළ උත්තේජනය වෙනවා. එය දත්වල නිරෝගිතාවට හේතුව.

මුඛයේ දත් අඩුවුණොත්?

යම් හෙයකින් මුඛයේ දතක් අඩුවුණොත් එතැනට දතක් ආදේශ කරගැනීම වැදගත්.

නිර්වින්දනයේදී ප්ලාස්ටික් දත් ගලවන්න කියන්නේ ඇයි?

බොහෝ රෝගීන් ප්ලාස්ටික් දත් මුඛයේ සවිකරගැනීමට බියක් දක්වනවා. හදිසියේවත් ශල්‍යකර්මයක් කරන්න වුණොත් ප්ලාස්ටික් දත් කටේ තිබුනොත් සිහි නැති කරන්න අපහසුයි කියන අදහස බොහෝ වැඩිහිටියන්ගේ හිතේ තිබෙන දුර්මතයක්. නිර්වින්දය සහ ප්ලාස්ටික් දත් අතර සම්බන්ධතාවක් නැහැ.

ශල්‍යකර්මයකදී ප්ලාස්ටික් දත් ගලවන්න කියන්නේ ඇයි?

නිර්වින්දනයෙන් පසුව රෝගියා තමාගේ පාලනයෙන් ගිලිහෙනවා. ඒ නිසා හදිසියේවත් ප්ලාස්ටික් දත් ඇන්දක් මුඛයේ තිබුණොත් එය ගැලවී උගුරේ හිරවෙන්න පුළුවන්. ඒ නිසා මේ උපදෙස් ලබාදෙනවා. නමුත් සවිකරන ලද දතක් තිබීමෙන් මේ අපහසුතාවය ඇතිවන්නේ නැහැ.කෙසේ හෝ වේවා වයස සමග දත්වැටීමක් සිදු නොවන බව ඇත්ත. නමුත් ඔබේ දත් වැටෙන්නට නොදී ආරක්ෂා කරගැනීමට ඔබේ සැලකිලිමත් බව ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බඩවැලෙත් ලෙඩ ඇතිවෙන්න පුළුවන්

May 19, 2025

ජානමය හේතු නිසා ඇතිවන තයිරොයිඩ් රෝග

May 19, 2025

ටෙස්ටොස්ටොරන් මට්ටම හොඳින් තියාගන්න.

May 19, 2025

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?