නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කොටුරූල් අත්වලට,කකුල්වලට Bye  කියන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

කොටුරූල් අත්වලට,කකුල්වලට Bye  කියන්න

Published September 16, 2024

සමේ පැහැපත් බව ඕනෑම පුද්ගලයෙකුගේ පෙනුමට ඉතාම වැදගත්. වියළි සම එහෙමත් නැත්නම් සමේ කොරළ අපේ රටේ ඉතාම බහුල තත්ත්වයක්. කුඩා කාලයේ පටන් දරුවන් අතර සමේ කොරළ තත්ත්වය දකින්න ලැබෙනවා. නමුත් මෙය කුඩා දරුවන්ට පමණක් සීමා වන්නේ නැහැ. තරුණ වැඩිහිටි පුද්ගලයන් අතරත් සමේ කොරළ ස්වභාවය දකින්න පුළුවන්. කොරළ ගැන කතාකරන විට මේවා අත්, පාද ඒ වගේම මුහුණ, හිස වැනි තැන්වලට සීමා නොවී හිසේ සිට පාදාන්තය දක්වාම සමේ කොරළ ඇතිවන්න පුළුවන්.

සමේ කොරළ ඇතිවීමට බලපාන හේතු මොනවාද?

සමේ කොරළ ඇතිවීමට විවිධ හේතු බලපානවා. එවැනි හේතු කීපයක් ගැන සඳහන් කරන්න පුළුවන්.

පරම්පරාවෙන්-

සාමාන්‍යයෙන් මව්පියන්ගේ සමේ කොරළ තත්ත්වයක් තිබුණොත් එය දරුවන්ටත් බලපානවා. නමුත් මව්පියන්ට කොරළ තිබුණත් දරුවන්ටත් අනිවාර්යෙන් කොරළ ඇති වෙන්නෙත් නැහැ.

නමුත් වැඩිහිටි වයසේදී කොරළ තත්ත්වයක් ඇතිවුණොත්?

යම් පුද්ගලයකුට බාල කාලයේ පටන් කොරළ සහිත සමක් තිබුණොත් එය සාමාන්‍යයි. එහෙත් බාල කාලයේදී එවැනි තත්ත්වයක් නොතිබණ අයකුට වැඩිහිටි වයසේදී සමේ කොරළ සහිත තත්ත්වයක් ඇතිවුණොත් ඒ ගැන නොසලකා සිටිය යුතු නැහැ. එවැනි අවස්ථාවකදී මේ අන්දමින් කොරළ ඇතිවීමට හේතු සොයා ගැනීමත් අවශ්‍යයි

විවිධ ආබාධ

සමේ කොරළ ඇතිවීම වෙනත් රෝගයක් නිසා ඇතිවන අතුරු ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට තයිරොක්සින් හෝර්මෝන ගැටලු නිසා, වකුගඩු, අක්මා වැනි අභ්‍යන්තර අවයවන්හි රෝග තත්ත්වයක් තිබුණොත් එවැනි පුද්ගලයන් අතර කොරළ සහිත සමක් ඇතිවනවා. මෙය සමේ රෝග තත්ත්වයක් නොව, අභ්‍යන්තර රෝග තත්ත්වයක් නිසා සමට ඇතිවුණ බලපෑමක් විමට ඉඩ තිබෙනවා.

පෝෂණ ඌනතාව

අපේ සිරුරට අවශ්‍ය පෝෂණය නොමැති වීම නිසා විවිධ රෝග තත්ත්වයන් ඇතිවනවා. උදාහරණයක් විදිහට යකඩ, විටමින් ඌනතාවන් නිසා සමේ වියළි හෙවත් කොරළ ඇතිවන්න පුළුවන්.

සමේ කොරළ හිරිහැරකාරී වුණොත්?

සමේ කොරළ අපේ පෙනුමට අවලස්සනක් ඇතිකරන බව ඇත්ත. ඒ වගේම මේ කොරළ ඉතාම පීඩාකාරී විදිහට බලපානවා නම් රුධිර පරීක්ෂාවකින් අදාළ හේතු හඳුනාගෙන ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබ දීම සිදුකරනවා.

පරම්පරාවෙන් ඇතිවන කොරළ වෙනුවෙන් කළයුතු ප්‍රතිකාර තිබෙනවාද?

ඔබට පරම්පරාවෙන් වියළි සහිත සමක් ඇත්නම් එය ජානවලටම ඉඩ දී සිටින්න අවශ්‍ය නැහැ. වියළි සම වෙනුවෙන් ලබාදෙන ප්‍රතිකාර තිබෙනවා.

එවැනි ප්‍රතිකාර ගැන සඳහන් කරනවා නම්…

සමේ වියළි බව නිසා කොරළ ඇති වෙනවා නම් අපි සමේ තෙතමනය රඳවා ගැනීමට ප්‍රතිකාර කිරීම වැදගත්. වියළි සමට භාවිත කරන Moisturize ක්‍රිම්, වගේම Bath Oil, සබන් වර්ග වැනි දේවල් භාවිත කරමින් සමේ වියළි බව නැතිකර ගැනීමට පුළුවන්.

ඒ වගේම සමේ වියළි බව කී විට එය හැම දෙනාටම එක හා සමාන ලක්ෂණ ඇති කරන්නේ නැහැ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනවා. සමහර අයට කොටු රූල් වැනි විදිහට බහුලව සමේ කොරළ තිබෙනවා. මේ වගේ තිබෙන අයට වෙනම Cream වර්ග තිබෙනවා.

රෝග තත්ත්වයක් නිසා කොරළ ඇති වුණොත්?

රෝග තත්ත්වයක අතුරු තත්ත්වයක් නිසා සමේ කොරළ ඇතිවුණොත් එවැනි අවස්ථාවක කොරළ වෙනුවෙන් ප්‍රතිකාර කිරීම නොව, අදාළ රෝග තත්ත්වය හඳුනාගෙන ඖෂධීය ප්‍රතිකාර ලබාදීම වැදගත්.

ඒ වගේම වියළි සමක් ඇති අය නාන විට මේ කොරළ තදින් අතුල්ලන්න හොඳ නැහැ. විශේෂයෙන් බුරුසු, කොහු ලණු වැනි දේවල්වලින් මේ කොරළ ඇතිල්ලීමත් සුදුසු නැහැ. එවිට හම කළු වීම සිදුවනවා.

ඒ වගේම උණුවතුර ස්නනාය කිරීම සුදුසු නැහැ. නමුත් ශීත ප්‍රදේශයක සිටින අයෙකුට ඇල්වතුර නෑම අපහසු නම් උණුවතුරට ඇල්වතුර මිශ්‍ර කරගෙන ඇල් මැරුණ ප්‍රමාණයට සකස් කරගැනීම සුදුසුයි.

ඒ වගේම මෙවැනි සමක් ඇති අය ගලාගෙන යන වතුරේ වැඩි වේලාවක් රැඳී සිටීමත් සුදුසුයි. වියළි සමක් ඇති අය අව්වට සංවේදී නිසා හැකි තරම් අව්වට සම නිරාවරණය වීමෙන් වැළකීමත් වැදගත්.

මෙවැනි වියළි සමක් ඇති අය හොඳින් ජලය පානය කිරීම වැදගත්. එය වයස අනුව සිදු විය යුතුයි. වැඩිහිටි පුද්ගලයකු නම් දිනකට වතුර ලීටර් තුනක්වත් පානය කරන්න අවශ්‍යයි.පෝෂණ ඌනතාවක් නිසා නම් ආහාර සහ වෙනත් විටමින්, යකඩ අතිරේක ලබා ගැනීම වැදගත්. ධාන්‍ය, එළවළු, පලතුරු වැඩියෙන් ආහාරයට එකතු කරගන්න.

කොරළ නිසා ඇතිවන අපහසුතාවන් මොනවාද?

සමහර අවස්ථාවලදී තදබල ලෙසින් කොරළ ඇතිවුණාම ඒවා ඉරී තැලී කසන්න පටන් ගනන්වා. එය වඩාත් අපහසු තත්ත්වයක්. ඒ වගේම කසන තැන් පුපුරා ලේ ගලනවා. පැසවනවා. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොදී ප්‍රතිකාර ලබාගැනීම ඉතාම වැදගත්. මේ අවස්ථාවට පත්වුණාම අපි එය ‘රක්තය’, ‘දද’ විදිහට හඳුන්වනවා. මේ අන්දමින් දරුණු තත්ත්වයට පත්වුණ විට ඖෂධ ලබාගැනීමට සිදුවනවා.

වියළි සම හෙවත් කොරළ තත්ත්වයක් ඇත්නම් ඔබ සම ගැන වැඩිමනත්ව සැලකිලිමත් වීම වැදගත්. ඒ නිසා වියළි සමක හෙවත් කොරළ සහිත සමක් ඇත්නම් නිතරම සමේ තෙතමනය තබා ගැනීම, අව්වෙන් ආරක්ෂා වීම, ආහාර සහ පෝෂණය ගැන සැලකිලිමත් වීම වැදගත්.

කොරළ ඇති අයකු නම් සමට බාහිරව කරන සත්කාර වැදගත්. ඒ අතරම වෙනත් රෝග තත්ත්වයක් නිසා කොරළ ඇති වී තිබෙනවා නම් අදාළ රෝග තත්ත්වය පාලනය කරගැනීමට අවශ්‍ය ප්‍රතිකාර නිසි වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීමත් වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: Moisturize, සමේ කොරළ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බඩවැලෙත් ලෙඩ ඇතිවෙන්න පුළුවන්

May 19, 2025

ජානමය හේතු නිසා ඇතිවන තයිරොයිඩ් රෝග

May 19, 2025

ටෙස්ටොස්ටොරන් මට්ටම හොඳින් තියාගන්න.

May 19, 2025

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?