නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වැදූගෙයි සන්නිය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

වැදූගෙයි සන්නිය

Published September 16, 2024

දරුවෙක් උපත ලබනවා කියන්නේ කාන්තාවක් දෙවැනිවර උපදිනවාට සමානයි. ඒක සිරුරේ සිද්ධවෙන ලොකු විපර්යාසයක්. මව මේ වෙන විට දුර්වලයි. ප්‍රසවයක් පසුව සිදුවන රුධිරවහනය නිසා නීරක්තිය ඇති විය හැකියි. ඒ විතරක් නොවෙයි මාස නවයකුත් දින හතක් පුරා දරුවා මවගෙන් පෝෂණය සමග යකඩ, කැල්සියම් උරාගෙන බිලිඳු කලලය වැඩෙනවා. ඒ නිසා දරුවකු පිළිසිඳ ගැනීම සමග මව යකඩ කැල්සියම් ඌනතා තත්ත්වයට පත්විය හැක. අධික රුධිරවහනය සිදුවුණොත් මව දුර්වල තත්ත්වයට පත්විය හැක. ඒ වගේම දරු උපත සමග මවගේ මානසිකත්වය වෙනස් වෙනවා. හෝර්මෝන අසමතුලිතතාවත් මේ අතරටම එකතු වෙනවා. වෙනදාට වඩා ඇය දැන් කාර්ය බහුලයි. ඒ විතරක් නොවෙයි මානසිකවත් දරුවා සමග සම්බන්ධතාවය ඇය තුළ විශාල වගකීමක් ගොඩනගනවා. ඒ වගේම නව ජන්ම දරුවාට නිතර නිතර මව්කිරි ලබා දියයුතු නිසා සුවදායක නින්දක් ලැබෙන්නේ නැහැ.

මේ නිසාම මානසිකවත් ඇති වෙන්නේ වෙහෙසකාරී බවක්. විටෙක මේ තත්ත්වය නිසා දරුවා බරක් විදිහට හිතන්න පටන් ගන්නවා. ඇත්තටම එතැන දරුවාට අනාදරයක් ඇතුව නොවෙයි. ආගන්තුක හැගීම දරාගැනීමට තිබෙන අපහසුතාව නිසා ඒ තත්ත්වය ඇතිවනවා. දරුවෙක් ලද කාන්තාව වෙනුවෙන් පවුලේම ආදරය, අවධානය ලැබීම ඉතා වැදගත්. නැත්නම් ඇයට මානසිකව ඇතිවන වෙහෙසකර තත්ත්වය ක්‍රමයෙන් මානසික අසහනයක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබෙනවා. එය බොහෝ පවුල්වල තේරුම් නොගන්නා දෙයක්. දරුවාට වැඩි අවධායක් යොමුවීම සමග මවට පෙරදී දක්වන ලද අවධානය අඩුවනවා.

නමුත් දරු ප්‍රසූතියෙන් පසුව සෑම විකෙටම මේ පසු ප්‍රසව විශාදය Post partum Depression ඇති වෙන්නෙත් නැහැ. මේ මානසික වෙනස්වීම පළමු දරු ප්‍රසූතියටම සීමා වෙන්නේ නැහැ. ඊළග දරු පසූතියේදී වුණත් මේ මානසික වෙනස්වීම් තත්ත්වය ඇතිවන්න පුළුවන්. ඒ නිසා පළමු දරුවා ලැබීමෙන් පසුව මෙම තත්ත්වයට පත්නොවුණ මවක් දෙවැනි, තුන්වැනි ප්‍රසුතියෙන් පසුව මේ අන්දමින් සඳහන් කරන පසු ප්‍රසව විශාදය තත්ත්වයට පත්වීමට පුළුවන්. පසු ප්‍රසව මානසික ආතතිය අදියර තුනකින් සඳහන් කරන්න පුළුවන්.

Baby blue අවස්ථාව
පසු ප්‍රසව විශාදය
පසු ප්‍රසව Psychosis


එහෙමනම් දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවන මානසික ආබාධවලට බලපාන හේතු මොනවාද?

  • මවගේ පෞරෂය හෙවත් දරුවා ලැබීමෙන් පසු ඇතිවන අලුත් පරිසරයට අනුගත වීමට තිබෙන නොහැකියාව.
  • මවගේ ජානමය හෙවත් පරම්පරාගතව ඇති මානසික තත්ත්වය.
  • දරුවාට කිරි ලබාදීමේ ඇති අපහසුතාවයන්.
  • ප්‍රසූත අවස්ථාවේදී ඇති වූ තුවාලවල වේදනාව.
  • නින්ද පිළිබඳ ගැටලු.

පසු ප්‍රසව විශාදයේ රෝග ලක්ෂණ

  • දරුවා කරදරයක් ලෙස සිතීම.
  • දරුවාට කිරි නොදීම.
  • නින්ද නොයෑම.
  • ආහාර අරුචිය.
  • මානසික අවපීඩන තත්ත්වය.

වැදූගෙයි සන්නිය කියන්නේ?

සන්නිය කී විට එය විශාල පරාසයක විග්‍රහ වන රෝග තත්ත්වයක්. මෙහිදී දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවන මානසික වියවුල් තත්ත්වයත් ඇතුළත්. ගර්භණී කාන්තාවක් ඇගේ දරු ප්‍රසූතියෙන් පසුව මානසික ලෙසින් යම් වෙනස්වීමකට පත්වන්න පුළුවන්.

මෙය Psychosis හෙවත් මනෝවිකාර තත්ත්වයක් ලෙස හැඳින්වෙනවා. මෙවැනි අවස්ථාවේදී දරුවා තමන්ගේ නොවෙයි, දරුවා වෙනස් වී ඇතැයි සිතනවා. මෙය වැදූගෙයි සන්නියේ එක් අවස්ථාවක් පමණයි.

ඊට අමතරව වැදූගෙයි සන්නිය යනුවෙන් හැඳින්වෙන රෝග තත්ත්වයට තවත් හේතු කීපයක් තිබෙනවා.ගර්භණී කාලයේදී මවක් අධිරුධිර පීඩන තත්ත්වය ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා.

නමුත් දරුවා ලැබීමෙන් පසුව මුල් තැන දරුවාට ලැබීමත් සමග මවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වීම අතපසු වෙනවා. ඒ නිසා දරු පසූතියෙන් පසුව ඇතිවන අධි රුධිර පීඩන තත්ත්වය මවගේ ජීවිතයට පවා අවදානමක් ඇතිවන නිසා රුධිර පීඩනය යහපත් මට්ටමක තබාගැනීම වැදගත්.

ඒ වගේම අධි රුධිර පීඩන තත්ත්වය නිසා ඇතිවන රෝග තත්ත්වයේදී අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍යයි. නමුත් අද බොහෝ අවස්ථාවලදි දරවකු ලැබුණ පසුව මව ගැන සැලකිලිමත් වීම අඩුයි.

හැම දෙනාගේම අවධානය යොමුවන්නේ දරුවාටයි. ඒ නිසා සමහර විට අධි රුධිර පීඩන තත්ත්වය පවා නොසලකා හරින අවස්ථාවන් තිබෙනවා. ඒ නිසා ගර්භණී මවක වෙනුවෙන් නිවසේ ඇති අවධානය, සැලකිල්ල දරුවා ලැබී මුල් කාලය තුළ දැක්වීමත් ඉතාම වැදගත්.

ගර්භණි මවක් ආසාදනයට පත්වීමත් පසු ප්‍රසව අවධියේදී ඇතිවන තවත් අවදානම් තත්ත්වයක් ලෙස විෂබීජ ආසාදනය වීම නිසා ගර්භණි මව උණ, ලේ විෂ වීම (Sepcecemia) වැනි තත්ත්වයන් ඇතිවනවා.

දරු පසූතියෙන් පසුව මවක් මුහුණ දෙන තවත් අවදානම් තත්වයක් තිබෙනවා. හදවත, මොළය වැනි ස්ථානවල රුධිර කැටිති සිරවීම නිසා මවක් ආඝාත තත්ත්වයට පත්වීමට පුළුවන්. ඒ වගේම කල්පනාවේ වෙනස් වීම සිහිමද ගතිය සහ Fit වැනි තත්ත්වයන් ඇතිවනවා.

එසේ නම් වැදූගෙයි සන්නිය යනු පසු ප්‍රසව Psychosis තත්ත්වයද ?

මවකගේ දරු ප්‍රසූතියෙන් පසුව ඉහතින් සඳහන් කරන ලද රෝග තත්ත්වයන් දකින්න ලැබෙනවා. මේ රෝග කායික රෝග සමගත් සම්බන්ධතාවක් තිබෙනවා. මානසික වෙනස්වීම එයින් එක් අවස්ථාවක් පමණයි.ඒ නිසා දරු පසූතියෙන් පසුව මවකගේ

මෙවැනි චර්යාමය වගේම කායික වෙනස්වීම් ඇති වුණොත් ඒවා වැදූගෙයි සන්නියටම බැර කරන්න බැහැ. සමහර විට මේ තත්ත්වය අධි රුධිර පීඩනය නිසා වගේම රුධිරය විෂ වීමේ රෝග තත්ත්වය නිසා ඇතිවීමට පුළුවන් ඒ නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යෑම ඉතාම වැදගත්.

මෙහිදී කායික රෝග තත්ත්වයක් නම් ඊට අදාළ ප්‍රතිකාර ලබාදෙනවා. එවැනි තත්ත්වයක් නොවුන මානසික ව්‍යාකුල බවක් නම් මානසික ප්‍රතිකාර වෙනුවෙන් අදාළ මව යොමුකිරීම සිදු වෙනවා.

අමනුශ්‍ය දෝෂ නොවෙයි…

නමුත් තවමත් අපේ සමාජයේ වැදූගෙයි සන්නියේදී මානසිකව වෙනස් වීමක් ඇති වූ විට ඒවා අමනුෂ්‍ය දෝෂ යැයි සිතා විවිධ ශාන්ති කර්මයන් සිදුකරනවා. නමුත් මෙතැනදී වඩාත් වැදගත් වන්නේ මනෝ ප්‍රතිකාර ලබාදීමයි. මේ ගැන සමාජය දැනවත් වීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025

හන්දි වේදනාව, ඉදිමුම, උණ සමග රතු ලප තිබෙනවා නම් චිකුන්ගුන්යා විය හැකියි වහාම ප්‍රතිකාර ගන්න

May 12, 2025

Full Blood Count එකකින් කියවෙන්නේ මොනවද

May 12, 2025

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?