පෙරේරා මහත්මියගේ දියණිය තමන්ට නියමවූ විකිරණශීලී අයඩින් ප්‍රතිකාරයට දින නියම කරගැනීමෙන් අනතුරුව පිළිකා සායනයෙන් පිටත්ව තම මව සමග නිවස කරා ගමන් ගත්තා. මෙම විශේෂිත වූ ප්‍රතිකාරයට දින නියම කරගැනීමේදී එම ප්‍රතිකාරයෙන් පසු මාසයක් පමණ ගත වනතුරු සෙනඟ අතර ගැවසෙමින් කරගත යුතු වැදගත් වැඩ කිසිවක් නොමැති බවට ඇය තහවුරු කරගෙන තිබුණා. මීට හේතුව වූයේ ප්‍රතිකාරයෙන් සති කිහිපයක් ගත වනතුරු සෙනඟ අතර ගැවසීම නොකළ යුතු බවට වෛi උපදෙස් ලැබී තිබීමයි.
විකිරණශීලී අයඩින් ප්‍රතිකාරය කිරීමට ප්‍රථම ඉතා ඉක්මණින්ම ඇයට කරගත යුතු වැඩ කිහිපයක් තිබුණා. මුලින්ම ඇය කළේ පූර්ණ දත් පරීක්ෂාවයි. ඇගේ දත් ඉතා හොඳ තත්ත්වයේ තිබූ නිසා ඒවා සුද්ද කිරීම හැර, පිරවීමට හෝ ගැලවීමට තරම් අවශ්‍යතාවක් තිබුණේ නෑ. ඊළඟට ඇය කළේ ශල්‍යකර්මයෙන් පසුව බෙල්ලේ කරගත යුතුව තිබූ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව කරගැනීමයි. එහිදී අනාවරණය වුණේ තයිරොයිඩ් ග්‍රන්ථියේ කොටස් කිසිවක් ස්කෑන් පරීක්ෂාවට පෙනෙන ආකාරයට සොයාගැනීමට ඉතිරිව නැති බවත්, බෙල්ලේ සැකසහිත කුද්දැටි කිසිවක් නැති බවත්ය.
ඇයට නියම කර තිබූ ආකාරයට ඊට පසුදින වූ අඟහරුවාදා දින සිට තයිරොක්සින් පෙති බීම නතර කර දැමුවා. නමුත් ඇයට කලින් නියම කර තිබූ කැල්සියම් පෙති සහ විටමින් ‘ඩී’ පෙති ඇය විසින් දිගටම ලබාගත්තා. මේ ආකාරයට සති දෙකක කාලයක් ඉතා ඉක්මණින් ගෙවී ගියා. අයඩින් ප්‍රතිකාරයට සති දෙකකට පෙර සිට ආහාර ගැනීම වෙනස් කිරීමට නියමිතව තිබුණා. පිළිකා රෝග විශේෂඥ වෛiවරයා උපදෙස් දුන් ආකාරයටම නොගත යුතු ආහාර කිසිවක් ඇය මේ කාලයේදී ආහාරයට ගත්තේ නෑ. තවද මේ කාලයේදී ආහාර පිසීම සඳහා මුහුදු ලුණු යොදාගත්තෙත් නෑ.
ඒ සඳහා රාජ්‍ය ඔසුසලකින් ‘සෝඩියම් ක්ලෝරයිඩ්’, පිරිසිදු, අපද්‍රව්‍යවලින් තොර ලුණු යොදාගත්තා. අයඩින් ප්‍රතිකාරයට දින 7 කට පෙර සිට නොගත යුතු ඖෂධ කිහිපයක් ගැන ඇය දැනුම්වත් කර තිබුණ ද එවැනි ඖෂධ කිසිවක් ලබාගැනීමට ඇයට අවශ්‍යතාවක් මතු නොවුණේ ඇයට කිසිදු අසනීප තත්ත්වයක් ඇති නොවූ නිසයි. අයඩින් ප්‍රතිකාරයට පෙර දින උදේ 8 පමණ වන ‘TSH ’ රුධිර පරීක්ෂාව සඳහා ඇය ලේ සාම්පලයක් ලබාදුන්නා. එදින සවසට ඇයට දුරකථන ඇමතුමක් ලැබුණා.
“මිස්, අපි මේ කතා කරන්නේ ‘ලැබ්’ එකෙන්.
‘TSH ‘බ්ලඩ් රිපෝට්’ එකක් ගන්න මිස් අද ලේ එකක් අපේ ‘ලැබ්’ එකට දුන්නද?”
“ඔව්, මම දුන්නා. තව පැය බාගයකින් විතර මම එනවා ‘ලැබ්’ එකට රිපෝට් එක ගන්න. ඒක දැන් ‘රෙඩි’ වෙලා ඇති නේද’
“හරි මිස් එහෙනම් ඉක්මණට එන්නකෝ”
පෙරේරා මහත්මියගේ දියණිය තම මවත් සමග ඉක්මණට හන්දියේ සාම්පල කවුන්ටරයට ගියේ ඉක්මණින්ම ලේ රිපෝට් එක ගන්න. මොකද පසුවදා උදෙන්ම අයඩීන් ප්‍රතිකාරය ලබාගන්න රෝහලේ ඉන්න ඕන නිසා.
එහිදී සාම්පල කවුන්ටරයේ සිටි කෙනාට ඇය තම රිසිට් පත ඉදිරිපත් කළා.
“මිස් රිපෝට් එක නම් හොඳටම අවුල්. මේක ඉක්මණට ඩොක්ටට පෙන්නන්න.”
ඇය ක්ෂණයකින් රිපෝට් එක දිගහැර බැලුවා. ‘TSH’ අගය 100ට වඩා වැඩියි. වහාම වෛiවරයාට පෙන්වා ගන්න කියලා රතු පාටින් මුද්‍රාවකුත් තියලා. මේක දැකපු ගමන් හිත එක පාරටම කලබල වුණත් පිළිකා රෝග විශේෂඥ වෛiවරයා මේ ගැන කලින්ම කියා තිබූ බව ඇයට මතක් වුණා. ඒ නිසා ඇයට යම් සැනසීමක් හිතට දැනුණා.
ඇය පසුදින උදේ හත වන විටම තම මව සමග රෝහලේ විකිරණ ප්‍රතිකාර ඒකකයට පැමිණ සිටියා. ඇය එසේ පැමිණ සිටියේ පාන්දර 3 සිට කිසිම ආහාරයක් නොගෙන “පාස්ටින්” සිටීමෙන් පසුවයි. ඇයට පැමිණ සිටි මවත් සමග වෛiවරයා හමුවට එන ලෙසට පණිවුඩයක් ලැබුණා. වෛiවරයා වෙත ගිය ඇයගේ අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව වෛiවරයා කතාව පටන්ගත්තා.
“අද ඔයා මෙතනට ඇවිල්ල ඉන්නේ විකිරණශීලී අයඩින් ප්‍රතිකාරය ලබාගන්න. මම හිතනවා මම දීල තිබ්බ උපදෙස් සියල්ලම හරියට පිළිපදින්න ඇති කියලා. ඔයා දැන් මුත්‍රා සාම්පලයක් ලබාදෙන්න ඕනේ පරීක්ෂා කරල බලන්න. අපි මෙතනදී සහතික කරගන්න ඕනෙ මේ මොහොතේ ඔයා ගර්භනීභාවයක නැහැ කියලා.”
“අයියෝ ඩොක්ටර් මම තාම කසාද බැදලත් නෑනේ.”
“හරි, ඒක මට තේරෙනවා. ඒත් මේක නීතිමය අවශ්‍යතාවක්. ගර්භනීභාවයකට පත්වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක් බැඳල හිටියත් නැතත්, මෙම පරීක්ෂාව කරගැනීම අනිවාර්ය වෙනවා. එහෙම කරේ නැත්නම් අපිට විකිරණශීලී අයඩින් ප්‍රතිකාරය කරන්න නීතිමය අවසරයක් නැති වෙනවා.”
මුත්‍රා පරීක්ෂාවෙන් ඇය ගර්භණීභාවයක නැති බව තහවුරු කරගත්තා. ඉන් අනතුරුව ඇයට වමනය යෑම වළකාලීම සඳහා ඖෂධ වර්ග දෙකක්ම බොන්නට දුන්නා. ඒ, කිසිම හේතුවක් නිසා අයඩින් කරල වමනය කිරීමට ඉඩදිය නොහැකි නිසායි.
ඉන්පසුව පිළිකා රෝග විශේෂඥ වෛiවරයා විසින් ඇයට ප්‍රතිකාරය කරන ආකාරය නැවත විස්තර කරදුන්නා.
“අපි තව ටික වේලාවකින් ඔයාව එක්කගෙන යනවා ප්‍රතිකාර කරන කාමරය ඇතුළට. එහිදී විකිරණ ප්‍රතිකාර ශිල්පියා විසින් පාරදෘශ්‍ය නළයක් උපකාරයෙන් අයඩින් කරල ඔයාගේ කටට හලනවා. ඒ කරල හපන්නේ, විකන්නේ, පොඩි කරන්නෙ නැතිව වතුරත් එක්ක ගිලින්න ඕනේ. කරල ගිල්ලට පස්සේ තවත් පැය දෙකක් විතර යනකම් කිසිම දෙයක් කන්න බොන්න එපා.
ඔයාව තවත් කාමරයක වාඩි කරල විනාඩි 30 ක් විතර තියල බලනවා මේ කරල හොඳින් ආමාශයේ රදවා ගන්නවද කියලා. වමනය කරේ නැත්නම් ඒ පැය බාගයට පස්සේ ඔයාව ගෙදර යවනවා. පොදු වාහනවල ගෙදර යන්න බෑ. දිග වාහනයක තමයි යන්න වෙන්නේ. දිග වෑන් එකක් මේකට වඩාත් සුදුසුයි. පිටිපස්සෙම සීට් එකේ කෙලවරක වාඩි වෙලා යන්න පුළුවන්. ගෙදරින් ආපු කෙනෙකුට රියදුරු අසුනේ හෝ ඒ අසුනට අනික් පස අසුනේ යන්න පුළුවන්. අතරමැද වූ ආසනවල කාටවත් ඉන්න බෑ. කොහේවත් මඟ තැන් තැන්වල නවත්වන්නේ නැතිව කෙලින්ම ගෙදර යන්න ඕනේ.”
“ඩොක්ටර් මට කැම්පස් එකට දෙන්න මෙඩිකල් එකක් ගන්න පුළුවන්ද?”
“ඔව් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඔයා සති දෙකත් හතරත් අතර කාලයක් අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ නිසා සති 4කට ‘මෙඩිකල් ලීව්’ ගන්න පුළුවන්.”
“අපේ ගෙවල් ළඟ ටීචර් කෙනෙක් කීවා මාස 6කට ම නිවාඩු ගන්න පුළුවන් කියලා කැන්සර් එකක් තියෙන හින්දා.”
“කනගාටුයි, මට මේ තත්ත්වයට උපරිම දෙන්න පුළුවන් සති 4ක නිවාඩු විතරයි. ඒ නිවාඩු දෙන්නෙත් ඔයාට තියෙන ප්‍රශ්නයකට නෙමේ. ඔයාගේ ඇඟෙන් පිටවෙන විකිරණ නිසා සමාජයේ අනික් අයට වන හානිය වළක්වන්නයි. මම දන්නවා රජයේ සමහර ආයතනවල, කාර්යාලවල මේ විෂය සම්බන්ධ නිලධාරීන් ආයතන සංග්‍රහයේ ඇතැම් කරුණු විකෘති කරල රෝගීන් අපහසුවේ දමනවා. ලෙඩ නිවාඩු අනුමත වෙන්නේ රෝගියාට තමන්ගේ රාජකාරි කිරීම, පිළිකාව නිසා හෝ එයට කරන ප්‍රතිකාර නිසා අපහසු නම් විතරයි.”
“සොරි ඩොක්ටර්” මම එහෙම කීවේ අර ටීචර් මට කියපු නිසා.”
“අනික් කාරණාව තමයි මෙම විකිරණශීලී අයඩින් ප්‍රතිකාරය කරලා මාස 6 ක්
12 ක් වැනි කාලයක් තුළ ගර්භනීතාවකට පත්වුණොත් අංගවිකල දරුවකු ලැබීමට අවදානමක් තිබෙනවා. හැබැයි මාස 12 පසු වුණහම ඕනෑ තරම් ගැබ්ගැනීම් වුණාට මේ ප්‍රතිකාරයෙන් අවදානමක් නැහැ.”
“ඩොක්ටර්, මේ ප්‍රතිකාරය නිසා ඇතිවෙන්න පුළුවන් අතුරු ආබාධ මොනවාද?”
“අනෙකුත් පිළිකා ප්‍රතිකාර සමග සන්සන්දනය කරන කොට ඉතා සුළු අතුරු ආබාධ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඔක්කාරය, වමනය ඇතිවීම, තයිරොයිඩ් ග්‍රන්ථය තිබූ තැන වේදනාවක් ඇතිවීම, බෙල්ල තරමක් ඉදිමීම, කට වියළී යාම, ඇස් වියළීම, මාසික ඔසප් වීමේ අක්‍රමිකතා ඇතිවීම ආදිය සිදුවිය හැකියි.”
“අයඩින් ප්‍රතිකාරයෙන් පසු පිළිකා රෝගියාට මොකද වෙන්නේ?”
ඊළඟ ලිපියෙන් දැනගනමු…
හරින්දී ලියනගේ ✍️