නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සැපක් ගන්න දුම්ඉරුවොත් හදවත ලෙඩ වෙනවාමායි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

සැපක් ගන්න දුම්ඉරුවොත් හදවත ලෙඩ වෙනවාමායි

Published September 2, 2024

දුම්පානය යනුවෙන් අදහස් කරන්නේ සිගරට්ටුවක්, සුරුට්ටුවක්, බීඩියක් හෝ දුම් පයිප්පයක් තුළ දැවෙන දුම්කොළවල දුම් උරා බීම හෝ ආඝ්‍රාහනය කිරීම ලෙසින් සරලව හඳුන්වන්න පුළුවන්.

දුම්පානය, සක්‍රිය දුම්පානය සහ අක්‍රිය දුම්පානය යනුවෙන් කොටස් දෙකකි

■ යම් කෙනෙකු සිගරට්ටුවක්, සුරුට්ටුවක්,බීඩියක් හෝ දුම් පයිප්පයක් භාවිත කරමින් ඒ දුම උරා බීම නොහොත් ආඝ්‍රාහනය කිරීම සක්‍රිය දුම්පානයයි.

■ සක්‍රිය දුම්පානය කරන පුද්ගලයකු අසල සිටින අනෙකුත් අයටද එම දුම ශ්වසනය කිරීමට සිදුවනවා. එය ඔවුන්ගේ කැමැත්ත ඇතුව හෝ නැතුව වුවද සිදු විය හැකියි. මෙය අක්‍රිය දුම්පානය ලෙස හැඳින්වේ.

අක්‍රිය දුම්පානය නිසා පුද්ගලයන් විවිධ රෝග තත්ත්වයන්ට භාජනය වීමට ඉඩ තිබෙන නිසා බොහෝ රටවල් විසින් දුම්පානය පිළිබඳව තද නීති රීති පනවා තිබෙනවා.

දුම්පානයට පුද්ගලයකු ඇබ්බැහි වන්නේ ඇයි?

මොළය සහ මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කිරීමට ‘නිකොටින්’ රසායනය හේතු වෙනවා. නිකොටින් මගින් මොළය විසින් නිපදවන ‘Dopamine’ රසායනය නිපදවීම මගින් ශරීරය උත්තේජනය කරනවා. ඩොපමින් මගින් යම් කෙනෙකුගේ මනෝභාවයන් සැහැල්ලු කර ශාන්ත බවක් ඇති කරන අතර බොහෝ දෙනෙකු දුම්පානයට ඇබ්බැහි වීමට හේතු වෙන්නේ තාවකාලික සහනය ලබාදෙන ඩොපමින් හෝර්මෝනය නිසාය. මේ නිසා යම් පුද්ගලයකු නොදැනීම දුම්පානයට ඇබ්බැහි වීමට පුළුවන්.මෙම දුම තුළ විෂ රසායන ද්‍රව්‍යයන් හාරදහසක් පමණ අඩංගු වන අතර එයින් ද්‍රව්‍ය 70 ක් පමණ පිළිකා කාරක ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙම විෂ රසායන ද්‍රව්‍ය

  • ආසනික් (Arsenic)
  • බෙන්සින් (Benzene )
  • බියුටේන් (Butane)
  • නිකොටින් (Nicotine)
  • කැඩ්මියම් (Cadmium)
  • කාබන් මොනක්සයිඩ් (Carbon Monoxide )
  • ඇමෝනියා (Ammonia)
  • නයිට්‍රික් ඔක්සයිඩ් (Nitric Oxide)
  • හයිඩ්‍රජන් සයනයිඩ් (Hydrogen Cyanide )
  • තාර (Tar)

දුම්පානය නිසා මිනිස් සිරුරේ ශ්වසන පද්ධතියට වන හානි

  • ශ්වාසනාලය සහ ස්වාරාලය තුළ ඇතිවන අපහසුතා
  • පෙනහලු තුළ වැඩිපුර සෙම එකතුවීම, කුඩා ශ්වාස නාල අවහිර වීම හා ඉදිමීම, පීනස පෙනහලුවල ක්‍රියාකාරීත්වය අඩු වී හුස්ම ගැනීම අපහසු වීම.
  • පෙනහලු පිරිසිදුවීමේ ක්‍රියාවලියට බාධා සිදුවීම නිසා පෙනහලු ආසාදනය වන හෝ පෙනහලුවල විෂ ද්‍රව්‍ය තැන්පත් වීම
  • ඇදුම, කැස්ස සහ පෙනහලු ආසාදනය වීම.
  • පෙනහලු තුළ ඇති ශ්වසන ක්‍රියාවලියට අත්‍යවශ්‍ය ගර්ත හෙවත් වායු මලු පූර්ණ වශයෙන් හානියට පත්වීම.

දුම්පානය අපගේ සිරුරේ රුධිර සංසරණ පද්ධතියට සිදුකරන හානි

  • හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය සාමාන්‍ය අගයන් ඉක්මවා ඉහළ යෑම.
  • සමෙහි ඇති රුධිර නාල සංකෝචනය වී සමෙහි උෂ්ණත්වය පහත වැටීම.
  • රුධිරය මගින් සිරුරට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම.
  • රුධිරය වඩා ඝන වීම හෝ උකු වීම හේතුවෙන් රුධිර කැට ගැසීමකට ඕනෑම අවස්ථාවක ඇති අවදානම වැඩිවීම.
  • රුධිරනාල අවහිරවන කොලස්ටරෝල් තැන්පත් වීමට ( Atherosclerosis) මුලපුරන රුධිර නාල අභ්‍යන්තර බිත්තිය මතුපිට ආස්තරය හානිවීම.
  • රුධිර සැපයුම ක්‍රියාවලිය අඩාල වීම හේතුවෙන් අත්, පා, ඇඟිලි ආදියට නිසි පරිදි රුධිරය සැපයුම සිදුනොවීම.
  • හෘදයාබාධ සහ ආඝාත තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩිවීම.

දුම්පානය අපගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට සිදුකරන බලපෑම

■ නියුමෝනියා, ඉන්ෆ්ලුවන්සා වැනි රෝග ඇතිවීමට වැඩි අවදානමක් තිබීම.

■ දීර්ඝකාලීන රෝග ඇතිවීමේ අවදානම.

■ රුධිරයේ ඇති විටමින් “ C ” වැනි ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩි කරන ප්‍රතිඔක්සිකාරක දුර්වල කිරීම.

පේශි සහ අස්ථි පද්ධතියට සිදුවන බලපෑම

■ සමහර මාංශ පේශි තද වීම.

■ අස්ථිවල කැල්සියම් ප්‍රමාණය අඩු වීම ( ඔස්ටියෝපොරෝසිස් ) තත්ත්වය.

ප්‍රජනන පද්ධතියේ සිදුවන වෙනස්කම්

  • ශුක්‍ර තරලයේ ශුක්‍රාණු ගිණුම අඩුවීම. මෙය දරු සම්පත අහිමිවීමට හේතු වේ’.
  • ශුක්‍රාණු වැඩි ප්‍රතිශතයක් විකෘති වීම සහ ජාන වෙනස්කම්.
  • ලිංගික අප්‍රාණිකත්වය.කාන්තාවක්ගේ නම් සරු බව අඩු වී දරු සම්පත් නොලැබීම හෝ ප්‍රමාද වීම.
  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම.
  • නිසි කාලයට පෙර ආර්තවහරණය වීම.
  • ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම.
  • නොමේරූ දරුවන් බිහිවීම.

මීට අමතරව දිගුකාලීන දුම්පානය ඇබ්බැහි වීම නිසා පෙනහලු, මුඛය, නාසය, ශ්වාසනාලය, ගලනාගල, උගුර, අග්නයාශය, ගැබ්ගෙල, ඩිම්බකෝෂ, ගර්භාෂ, අක්මාව, මුත්‍රාශය, බඩවැල් ආදී අවයවයන්හි පිළිකා ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇත. ඒ වගේම ඇස් පෙනීම දුර්වල වීම, ඔස්ටියෝපොරෝසිස් සහ උකුල් ඇටය බිඳීම සහ ආහාර මාර්ග පද්ධතියේ තුවාල ඇතිවීම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනවා.

අක්‍රිය දුම්පානය නිසා බිලිඳුන්ට ඇතිවන හානි

  • නින්දේදී මිය යෑම.
  • හතිය, කැස්ස.
  • බ්‍රොන්කයිටිස්, නිව්මෝනියා තත්ත්වය ඇතිවීම.
  • මෙනින් ජයිටිස් රෝග තත්ත්වය.
  • මැද කන ආසාදනයට ලක්වීම සහ කන් ඇසීම දුර්වල වීම හෝ සම්පූර්ණයෙන්ම නොඇසී යෑම.

සම මතුපිට ඇතිවන වෙනස්කම්

  • කාන්තාවන්ගේ නම් පියයුරු එල්ලා වැටීම.
  • තොල් අවපැහැ ගැනීම සහ තොල් දෙපස රැළි වැටීම.
  • මුහුණ මත ලප ඇති වීම.
  • දත් සහ විදුරුමස අවපැහැ ගැනීම, මුඛ දුර්ගන්ධය.
  • ඇඟිලි තුඩු සහ නියපොතු අවලස්සන වීම.
  • හිසකෙස් තුනී වීම.
  • දණහිස, වැලමිට ආදි තැන්වල පොතු සේ සම ගැලවී යෑම.
  • ඇස් යට රැළි වැටීම.

ඔබ දුම්වැටියක් බොනවා නම් එයින් දැවී යන්නේ ඔබේ ජීවිතය පමණක් නොව, ඔබ ඇසුරේ සිටින අයගේද ජීවිත දැවී යන බව අමතක නොකරන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: ඇබ්බැහි, දුම්පානය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බඩවැලෙත් ලෙඩ ඇතිවෙන්න පුළුවන්

May 19, 2025

ජානමය හේතු නිසා ඇතිවන තයිරොයිඩ් රෝග

May 19, 2025

ටෙස්ටොස්ටොරන් මට්ටම හොඳින් තියාගන්න.

May 19, 2025

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?