නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මිනිස් සිරුරේ විශාලතම අවයවය පරිස්සම් කරගන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

මිනිස් සිරුරේ විශාලතම අවයවය පරිස්සම් කරගන්න

Published July 15, 2024

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මාට හැමෝගෙන්ම ලැබෙන උපදෙසක් තිබෙනවා.බබා සුදු වෙන්න හොඳට පළතුරු කන්න. බබා ලැබුන හැටියෙම හැමෝම අහන්නේ බබා සුදුයිද? එතැනින් පසුව විවාහයකදී මනාලිය සුදුද? එතැනින් නවතින්නේ නැහැ. අම්මා කෙනෙකු වුනත් තමන්ගේ චදරුවා රිදවන්න කියන්නේ ඔයා කළු යි අයියා සුදුයි මේ වගේ හමේ වර්ණය ගැන සමාජයේ විවිධ මානයන් යොදා ගෙන තිබෙනවා. අපේ සමට පාට ලැබෙන්නේ හමේ තිබෙන තිබෙන වර්ණක සෛල නිසා මෙලනින්වල වර්ගය, ප්‍රමාණය නිසා එකිනෙකාගේ සමට ලැබෙන වර්ණය වෙනස් වෙනවා.

මෙලනින් වලින් අපට ලැබෙන වාසි මොනවාද?

මෙලනින් නිසා හිරු එළියේ තිබෙන පාරජම්බුල කිරණවලින් අපව ආරක්ෂා කරනවා. ජීව විද්‍යාත්මකව අපේ වයස අවුරුදු 30 පමණ පසුවීමත් සමග සම වියපත් වීමේ ප්‍රවනතාවයක් ඇති වුනත් මෙලනින් වර්ණකය නිසා හමේ නීරෝගි බව ආරක්ෂා වෙනවා. හමේ රැළි ගතිය නැති වීම, හමේ පිළිකා ඇති වීම අවම කිරීමට මෙම මෙලනින් මඟින් සමට ලබා දෙන්නේ ස්වභාවික ආරක්ෂාවක්. ඒ නිසාම ඝර්ම කලාපීය රටවල්වල ජනතාව තුළ “ මෙලනෝමා ” වැනි චර්ම පිළිකා වැළඳීමට තිබෙන අවදානම යුරෝපා රටවලට වඩා අඩුයි.

දුඹුරු හම ලස්සනයි.

අපේ සමේ වර්ණය කුමක් වුනත් නීරෝගීව තබා ගැනීම වැදගත්. ලස්සන සමක් කියන්නේ පිග්ම්නටේෂන් නැති, කුරුලෑ, කැලැල්, සමේ රැලි නැති පැහැදිලි සහ බබලන සමක් විදිහට අර්ථ දක්වන්න පුළුවන්.

සම නීරෝගීව තබා ගන්නේ කෙසේද?

සමේ ගැටලු තිබේ නම් ( කුරුලෑ, පිග්මන්ටේෂන් ) ප්‍රතිකාර ලබා ගන්න.සම ගැන ඔබ සැලකිලිමත් විය යුත්තේ වියපත් වීමත් සමඟ නොවෙයි. තරුණ කාලයේ පටන්ම සමට සත්කාර කිරීම වැදගත්.

  • ලප පැල්ලම් නැති වීම
  • තෙතමනය සහිත සමක් වීම
  • රැළි වැටීම් නැති වීම
  • බබලන සුළු වීම

සම පිරිසිදු කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු.

ලස්සන, පැහැපත් සමක් ගැන උනන්දුවක් දක්වන ඔබ සමේ පිරිසිදුකම ගැන උනන්දුවක් දක්වනවා. නමුත් පිරිසිදු කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තිබෙනවා.ඔබ ක්ලෙන්සර් එකක් පාවිච්චි කිරීමේදී එය ඔබේ සමට ගැලපෙන ලෙසින් තෝරා ගන්න. තෙල් , වියළි හෝ මේ දෙක අතර ඇති සමක් නම් ඊට ගැලපෙන ක්ලෙන්සර් එකක් වෙත යොමු වෙන්න. බොහෝ දෙනෙක් සබන් පාවිච්චි කිරීම ගැන විමසනවා.

සබන් භාෂ්මිකයි. සම ආම්ලිකයි. ඒ නිසා සමට ගැලපෙන ක්ලෙන්සර් එකක් තෝරා ගැනීම වැදගත්. ඔබ පිරිසිදු වීමට යැයි නිතරම මුහුණ සෝදන්න අවශ්‍ය නැහැ. වැඩිපුර දහඩිය දාන්නේ නැත්නම් දිනකට දෙතුන් වතාවක් මුහුණ සේදීම ප්‍රමාණවත්. ඔබ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්නේ නම් එය සමට ගැලපීම වැදගත්. ඔබ තෙල් සහිත සමක් ඔබට ඇති බව සිතනවා ඇති.

ඒ නිසා මොයිස්චරයිසර් අනවශ්‍ය බවට ඔබට නිගමනය කරන්න බැහැ. මොයිස්චරයිසර් ආලේප කිරීමෙන් සම අභ්‍යන්තරයේ සෛලවලටත් තෙතමනය ලබා දෙනවා. ඒ නිසා oil free වර්ගයක් තෝරා ගන්න. සමට විටමින් “ C ” සීරම් එකක් භාවිතා කරනවා නම් ඊට පසුව මොයිස්චරයිසර් ආලේප කිරීම සුදුසුයි.

සමට විටමින් “ C ” සීරම් ඇයි?

විටමින් “ C‍ ” ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි. ඒ නිසා සමේ කොලැජන් තන්තු වලට වන හානිය අඩු කරනවා. කොලැජන් නිෂ්පාදනය වැඩි කරනවා. හමේ ඇති වන පැල්ලම් ( පිග්මන්ටේෂන් ) වෙනුවෙන් ප්‍රතිකාරයක්. සමහර විට ඔබ මේ විදිහට සිතන්න පුළුවන් අපි නිතරම විටමින් “ C‍ ” අඩංගු එළවලු, පළතුරු ආහාරයට ගන්නවා.

පළතුරු යුෂ, විවිධ පෙති බොනවා. ඒ ප්‍රමාණවත් නැතිද? නමුත් මුහුණේ සම ආශ්‍රිත ගැටළුවලදී විටමින් “ C‍ ” සීරම් මතුපිටින් ආලේප කිරීම වැදගත්.ඒ වගේම Nicianamide කියන්නේ විටමින් ඊ3 අඩංගු ප්‍රතිඔක්සිකාරකයක්. මුහුණේ ඇති වන රතුපාට ගතිය,කුරුලෑ, තෙල් ගතිය අඩු වීමට වගේම පිග්ම්නටේෂන් නැති කිරීමේ හැකියාව Nicianamide සතුව තිබෙනවා.

හිරු එලියෙන් සම ආරක්ෂා කිරීම

සූර්යාවරණයක් පාවිච්චි කිරීම අපේ සම වයසට යෑමට බලපාන හේතු අතරින් හිරු එළියට නිරාවරණය වීම 80% ක් තරම් ඉහළයි.ඒ නිසා ඔබ අව්වට නිරාවරණය වීමට මිනිත්තු 15-20 කට පෙරාතුව unscreen cream එකක් ආලේප කරන්න. ඔබ දවසේම අව්වේ සිටිනවා නම් පැය තුනකට වරක්ද, වතුරේ සිටිනවා නම් පැයකට වරක්ද sunscreen cream ආලේප කරන්න. මේවා තෝරා ගැනීමේදී (SPF sun protection factor ) අගය 30 ට වැඩියෙන් තිබීම හොඳයි. ඒ වගේම ජලයට දක්වන ප්‍රතිරෝධිතාවය ( resistant) කොතරම්ද යන්න බැලීම වැදගත්.

sunscreen cream වර්ග මොනවාද?

sunscreen cream  වර්ග දෙකක් තිබෙනවා. ඔබේ සමට ගැළපෙන වර්ගයක් තෝරා ගනීමට පුළුවන්.

physical sunscreen cream

මෙම වර්ගය ආලේප කිරීමෙන් පසු මුහුණේ සුදු පැහැයක් රැඳී තිබෙනවා. ඒකට බොහෝ දෙනෙක් සතුටු නැහැ. නමුත් මෙයින් හිරු එළිය පරාවර්තනය කරනවා.

Chemical sunscreen cream

මේ වර්ගය ආලේප කිරීමෙන් පසු මුහුණට වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. සූර්යාලෝකය අවශෝෂණය කර ගන්නවා. නමුත් සමේ ආසාත්මික තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මුහුණට නම් ජෙල් වශයෙන්ද, සිරුරට නම් spary හෝ ආලේපන වශයෙනුත් මිළ දී ගත හැකියි. මුහුණේ කුරුලෑ සහිත නම් ජෙල් වශයෙන් වගේම oil free විදිහට තෝරා ගැනීමටත් පුළුවන්.

සුදු වෙන්න ක්‍රිම් ගෑවොත් ?

සුදු වීමේ උන්මාදය නිසා අද බොහෝ දෙනෙක් තමන්ගේ ලස්සන හම තමන් විසින්ම අවලස්සන කර ගන්නවා. ප්‍රමිතියක් සහ වගකීමක් නැති ආලේපන නිසා මුහුනේ රතු විම්, කලු පැල්ලම්,කුරුලෑ ,සම තුනීවීම, වලවල්, සම ඇදීම වැනි තත්වයන්ට පත් වෙනවා. ඒ විතරක් නොවෙයි, ප්‍රමිතියක් නොමැති ආලේපනවල ඇති විෂ සංයෝ නිසා මදසරු බව ඇති වීම ද අක්මාව, වකුගඩු හානි වීමටත් පුළුවන්. ඒ නිසා තව අවුරුදු 20 ක් පමණ වන විට අපේ රටේ වුනත් චර්ම පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාත්මක අගය ඉහල යෑමට වැඩි ඉඩක් තිබෙනවා.

චර්ම පිළිකාව වෙනුවෙන් ඝර්ම කලාපීය රටවල ජනතාවට තිබුන ආරක්ෂාව අහිමි වෙන්නේ ඇයි?

අපි මුලින්ම සඳහන් කළ විදිහට දුඹුරු සමේ තිබෙන මෙලනින් වර්ණකය නිසා අපට චර්ම පිළිකා වලින් ස්වභාවික ආරක්ෂාවක් ලැබෙනවා. නමුත් අපගේ වුවමනාවෙන් මෙම මෙලනින් නැති කර ගෙන සුදු වීමේ උන්මාදය නිසා ස්වභාවික ආරක්ෂාව අප විසින්ම නැති කර ගන්නවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් fareness creams වෙනුවෙන් නිර්ණායක නම් කර තිබෙනවා. උදාහරණ විදිහට කළු පැල්ලම් ඉවත් කර ගැනීම වෙනුවෙන් යොදා ගත හැකි ඖෂධීය hydrophic ප්‍රතිශතය 4% වුනත් ප්‍රමිතිගත නොවන fareness creame වලදි මෙය අධිමාත්‍රාවකින් යොදා ගෙන තිබෙනවා.

රසදිය ගැන සඳහන් කරනවා නම් ඒකකට 1 කටත් වඩා අඩු වීම වැදගත්. නමුත් හිතා ගත නොහැකි අධි මාත්‍රාවකින් මේවා යොදා ගන්නවා. අපි Stroid ඖෂධ ලබා දීමේදී යම් වගකීමක් තිබෙනවා. එය සම සුදු වීමට යොදා ගන්නවා. නමුත් මේ ඖෂධ අධිකව යොදා ගැනීම නිසා සම රතු වීම, සමේ රෝම ඇති වීම ,කුරුලෑ ඇති වීමට පුළුවන්. ඒ විතරක් නොවෙයි, hydroqulate දිගු කාලයක් භාවිතා කිරීම නිසා ඇති වන කළු පැල්ලම් මකා ගන්න බැරි තරම් බරපතලයි.

මේකප් කරන්න.

අපි කවුරුත් ලස්සනට ඉන්න කැමැතියි. ඒ නිසා මේකප් කිරීම කිසිම වරදක් නැහැ. නමුත් තමන්ගේ සමට ගැලපෙන විදිහට මේකප් කිරීමට කිසිම බාධාවක් නැහැ.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️





 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025

හන්දි වේදනාව, ඉදිමුම, උණ සමග රතු ලප තිබෙනවා නම් චිකුන්ගුන්යා විය හැකියි වහාම ප්‍රතිකාර ගන්න

May 12, 2025

Full Blood Count එකකින් කියවෙන්නේ මොනවද

May 12, 2025

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?