නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වෙඬරුවලට වඩා වටින එඬරු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

වෙඬරුවලට වඩා වටින එඬරු

Published March 31, 2025

එඬරු තෙල් කියන්නෙ මතුපිටින් පෙනෙන ප්‍රතිලාභවලට වඩා වැඩි යමක් ලබාදෙන විශිෂ්ට, ස්වාභාවික රූපලාවන්‍ය නිෂ්පාදනයක්. ඉංග්‍රීසියෙන් අපි එඬරු තෙල්වලට කැස්ටර් ඔයිල් කියනවා. එඬරු තෙල්වලට පුළුවන් සම ගැඹුරින් පෝෂණය කරන්න. ඒ වගේම බොහෝ රූපලාවන්‍ය ක්‍රියාවලීන්ට එඬරු තෙල් කියන්නෙ අගනා එකතු කිරීමක්. ඔබ ඔබේ සම, හිසකෙස්වල සෞඛ්‍යය වැඩිදියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් එඬරු තෙල් උත්සාහ කරලා බලන එක වටිනවා. පුරාණ ප්‍රතිකාර ක්‍රමවල ඉඳන් නවීන රූපලාවන්‍ය ක්‍රම වෙනකල්ම එඬරු තෙල්වල ඇති බහුකාර්ය සුව කිරීමේ ගුණාංග බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. මේද අම්ල, විශේෂයෙන් රිසිනොලෙයික් අම්ලයෙන් පොහොසත් එඬරු තෙල් ස්වාභාවික රූපලාවන්‍ය විසඳුම් සොයන අයට ප්‍රතිලාභ රාශියක් ලබාදෙනවා. ඔබ තවමත් ඔබේ රූපලාවන්‍ය එකතුවට එඬරු තෙල් ඇතුළත් කරගෙන නැත්නම් මේ තමයි ඒකට හොඳම වෙලාව…

සමේ සජලනයට පොහොසත් ප්‍රභවයක්

එඬරු තෙල්වල සම සජලනය කිරීමේ ගුණාංගයක් ගැබ් වෙලා තියෙනවා. සමට යොදන විට, එඬරු තෙල් සමේ තෙතමනය රඳවා තබාගන්නා ආරක්ෂිත බාධකයක් සපයනවා වගේම කටුක කාලගුණික තත්ත්වයන් තුළ එය විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා. එඬරු තෙල් වියළි හා පියලි සහිත සමට විශේෂයෙන් ඵලදායී වන අතර, බොහෝ විට රළු සහ වියළි බවක් දැනෙන ප්‍රදේශ පුනර්ජීවනය කරන්න පුළුවන් හැකියාවක් එඬරු තෙල්වල තියෙනවා. රාත්‍රී කාලයේ නින්දට පෙර මුහුණේ සහ අත්, පාදවල එඬරු තෙල් ආලේප කිරීමෙන් සමේ තෙතමනය රඳවා සම මෘදු සහ සිනිඳු කරගත හැකියි.

හිසකෙස් වර්ධනයට සහ ශක්තිය ප්‍රවර්ධනයට

හිසකෙස් සත්කාර ක්ෂේත්‍රයේ සෞඛ්‍ය සම්පන්න, ඝන සහ වේගයෙන් වැඩෙන හිස් කෙස් ප්‍රවර්ධනය වෙනුවෙන් එඬරු තෙල් ප්‍රසිද්ධියක් උසුලනවා. විටමින් E සහ අත්‍යවශ්‍ය මේද අම්ලවල ඉහළ සාන්ද්‍රණය හිස්කබල සෘජුවම පෝෂණය කරන අතර හිස කෙස්මුල් ශක්තිමත් කරනවා. හිසකෙස් ගැලවී යාම හෝ තුනී වීම සමඟ පොරබදන අයට, එඬරු තෙල් සමඟ දිනපතා සම්බාහනය හිස්කබල උත්තේජනය කරගන්නට උපකාරී වනවා. ඒ වගේම කාලයත් සමඟ හිසකෙස් වර්ධනය සිදුවෙනවා. කෙස් අග පැළීමටත් එඬරු තෙල් කියන්නෙ හොඳ පිළියමක්. හිස කෙස් අගට එඬරු තෙල් කුඩා ප්‍රමාණයක් යෙදීමෙන් හිස කෙස් පැළී යාම මැඬපවත්වා ගතහැකියි.

සුව කිරීමේ ගුණය යහමින් ඇති එඬරු තෙල්

එඬරු තෙල්වල තියෙන්නෙ පෝෂණ ගුණයම විතරක් නෙවේ. සුව කිරීමේ ගුණයකුත් මේ තෙලට තියෙනවා. එහි ස්වාභාවික ගුණාංග නිසා කුරුලෑ අඩු කිරීමට සහ කෝපයට පත් සම සමනය කිරීමට විශිෂ්ට විසඳුමක් ලබාදෙනවා. සංවේදී හෝ කුරුලෑ සහිත සම මත එඬරු තෙල් ආලේප කිරීමෙන් කුරුලෑ සිදුරු අවහිර නොකර සුව කිරීම ප්‍රවර්ධනය කරගත හැකියි. ඵලදායී කුරුලෑ ප්‍රතිකාරයක් සඳහා සුවකිරීම වේගවත් කරන්නට සහ දැවිල්ල අඩු කරන්නට කැළැල්වලට සෘජුවම එඬරු තෙල් කුඩා බිංදුවක් යොදා බලන්න.

ස්වභාවික සුන්දරත්වය වැඩිදියුණු කිරීමට

එඬරු තෙල්වල තියෙන මොයිස්චරයිසින් ගුණයට සහ සුව කිරීමේ බලපෑම්වලට අමතරව, එඬරු තෙල් ස්වාභාවික සුන්දරත්වය කිහිප ආකාරයකින් වැඩි දියුණු කරන්නට භාවිත කරන්නට පුළුවන්. උදාහරණයක් විදිහට මෘදු වේශ නිරූපණයක් ඉවත් කරන්නට එඬරු තෙල් භාවිත කරන්න පුළුවන්. වැඩියෙන් වැවුණ නියපොතු කපද්දි නියපොතු කටරයේ තලවල එඬරු තෙල් ටිකක් ආලේප කරලා බලන්න.

සාමාන්‍යයෙන් නියපොතු කපද්දි වේදනාවක් දැනෙනවා නම් මේ ක්‍රමයෙන් පුළුවන් වේදනාවකින් තොරව නියපොතු ටික කපාගන්න. සමස්ත නියපොතුවල සෞඛ්‍යයටත් එඬරු තෙල් ප්‍රයෝජනවත් වෙනවා.

Shinesheets ඇසුරින්

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

දිදුළන කොන්ඩෙකට Silicone Oil

May 12, 2025

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?