නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: 2025 ලබද්දි මුලින්ම කළේ ගෙදර කිරි උතුරවලා පන්සල් ගිය එක
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

2025 ලබද්දි මුලින්ම කළේ ගෙදර කිරි උතුරවලා පන්සල් ගිය එක

Published January 6, 2025

රොෂාන් රණවන

රොෂාන් රණවන එක්තරා කාලයක ලංකාවේ කෙල්ලන්ගේ සිහින කුමාරයෙක් වෙලා හිටියා කීවොත් මං නිවැරදියි. එදා ඒ සිහින කුමාරයා මේ වෙද්දි වගකීම් සහගත සැමියෙක් වගේම පියෙක්. රොෂාන් වගේම රොෂාන්ගේ පුංචි පුතත් තරු ගුණය පෙන්වන දරුවෙක්. ලැබුවා වූ අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා නවලිය අලුත්ම කවරය වෙන් වෙන්නේ රොෂාන්ගේ ආදරණීය කැදැල්ල වෙනුවෙන්…

රොෂාන් කොහොමද මේ දවස් ගෙවෙන්නෙ?

පහුගිය අවුරුද්ද ගෙවුණු අනිත් හැම අවුරුද්දකටම වඩා කාර්යබහුල අවුරුද්දක් කියන්න පුළුවන්. දැන් මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සක් වෙනවා. ඒ අවුරුදු විස්සටම වැඩියෙන්ම කාර්යබහුල වුණේ පහුගිය අවුරුද්දේ. චිත්‍රපට තුනක සහ ටෙලිනාට්‍ය දෙකක වැඩ කළා. ඒ වගේම මිනෙත් මම රංගනයෙන් දායක වුණ ‘මයි සිම්බා‘ චිත්‍රපටයේ පසුබිම් ගායනයෙන් දායක වුණා. තවත් චිත්‍රපටයක පුතා පුංචි කොටසක රංගනයෙන් දායක වුණා. ඔය සේරම දේවල් එක්ක බලද්දි හොඳම අවුරුද්ද 2024 කියන්න පුළුවන්.

ඒ කියන්නෙ මිනෙත් දැන් නිල වශයෙන් කලාවට පිවිසුණා?

ඔව්. පසුබිම් ගායනයෙන් දායක වෙද්දි එයාට අවුරුදු හතරයි. දැන් පහක්නේ. ඒ වගේම මිනෙත් වොයිස් ප්‍රින්ට් ඇකඩමි එකේ එයාගේ වයස් කාණ්ඩයට අදාළ පළමු තරගයක් ජයග්‍රහණය කළා.

කොහොමද අලුත් අවුරුද්දට සූදානම?

කලාව පැත්ත ගැන කතා කළොත් ෆිල්ම්ස් තුනක් රිලීස් වෙන්න තියෙනවා අලුත් අවුරුද්දේ. ඒ වැඩකටයුතුවලට තමයි වැඩි තැනක් වෙන් වෙලා තියෙන්නේ.

පුතා එක්ක ගෙවන කාලය ගැන කතා කළොත්…

එයා එක්ක ගෙවන කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි මං උත්සාහ කරන්නෙ. මගෙ ජීවිතේ වැඩියෙන්ම කාර්යබහුල වෙලා තියෙන්නෙ එක්කො එයාගෙ වැඩ එක්ක. නැත්නම් මගේ වැඩ එක්ක. මිනෙත්ව මං එක එක තැන්වලට ගෙනියනවා. ඒ තැන්වලට ගිහින් මං එයාට පාඩම් කියලා දෙනවා.

කලා ලෝකෙ කවුද මිනෙත්ගෙ හොඳම යාළුවො?

එයා හැමෝම එක්ක හරි ඉක්මනින් එකතු වෙන දරුවෙක්. නමුත් සාරාන්‍යාව මුණගැහෙනවා වැඩි නිසා වෙන්න ඇති මිනෙත් සාරාන්‍යා එක්ක හරිම එකතුයි.

අපි ඊළඟට කතා කළේ රොෂාන්ගේ ආදරණීය බිරිඳ කුෂ්ලානි එක්ක

කුෂ්ලානි අලුත් අවුරුද්ද කොහොමද සැලසුම් කරලා තියෙන්නෙ?

අපි කාර්යබහුල වෙනකොට ජීවිතේ කළමනාකරණය කරගන්න ඕන අනිවාර්යයෙන්ම. මමත් දැන් ආයෙත් රැකියාවට යනවා. මිනෙත්ට අවුරුදු පහක් වෙනකල් මම සෑහෙන්න එයත් එක්ක ළඟින් හිටියා.

මේ අවුරුද්දෙ ඉඳන් එයා පාසල් යනවා. කාලය කළමනාකරණය කරගෙන දරුවටත් වැඩි අවධානයක් දීලා ජීවිතේ සතුටින් ගෙවන එක තමයි සරල බලාපොරොත්තුව.

මිනෙත් වැඩියෙන්ම දක්ෂ ගායනයටද රංගනයටද?

මම හිතනවා එයාට දක්ෂකම තියෙන්නෙ ගායනයට කියලා. කලාව එයාට පිහිටලා තියෙන දෙයක්. ගෙදර ඉන්න වෙලාවට කොයි වෙලෙත් සින්දුවක් කියාගත්ත ගමන්මයි.

කලාකරුවෙක්ට අවශ්‍ය දේවල් මිනෙත්ට පිහිටලා තියෙනවා කියලා දැනෙනවා. නමුත් අනාගතේදි මොනවා වෙයිද දන්නෑ. පුංචි කාලෙ කරන කියන දේවල් ලොකු වෙද්දි වෙනස් වෙනවනේ.

රොෂාන් – කුෂ්ලානි කොහොමද එයාව ගයිඩ් කරන්නෙ?

අපි දෙන්නා මිනෙත්ගේ අම්මා තාත්තා හැටියට එයාගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ. සමහරු තමන්ගෙ දරුවා හරහා තමන්ට ළඟා කරගන්න බැරිවුණ දේවල් ළඟා කරගන්න උත්සාහ කරනවා.

අපි දෙන්නා එහෙම කවදාවත් පුතාට බලපෑම් කරන්නෙ නෑ. එයා යම්කිසි දක්ෂතාවයක් පෙන්නනවා නම් ඒකට සහයෝගය දෙන එක සහ එයාට නිදහසේ ජීවත් වෙන්න දෙන එක තමයි අපි කරන්නේ.

එහෙම නිදහසේ හැසිරෙන්න නොදුන්නොත් අපි හදන්නෙ තවත් අපි වගේම ළමයෙක්. තවත් එහෙම කෙනෙක් හදලා වැඩක් නෑ. අපි හදන්න ඕන ඔරිජිනල් දරුවෙක්.

සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දට පුරුද්දක් විදිහට කරන දෙයක් තියෙනවද?

මම කතෝලික. රොෂාන් බෞද්ධනේ. අපි අලුත් අවුරුද්දක් ලබද්දි මුලින්ම කරන්නෙ ගෙදර කිරි උතුරලා පන්සලට යනවා. පන්සල් ගිහින් ඇවිත් කෑම මේසෙ පිළියෙළ කරලා, කාලා බීලා හවසට පල්ලි යනවා.

ඕක තමයි හැම අවුරුද්දෙම පළවෙනි දවසෙ කරන්නේ. අපි කවදාවත් 31 රෑ ගෙදරින් පිට ඉන්නෙ නෑ. පාටීස්වලට යන්නෑ. 31 රෑ අපි පවුලක් විදිහට එකට ඉඳලා අලුත් අවුරුද්දට එකට මුහුණ දෙන පරමාර්ථයෙන් තමයි ගෙවන්නේ.

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love4
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සීත අරණේ සුපුල් නාමල ඔබට සුබ ගමන්…..

June 2, 2025

සිංදුව ප්‍රසිද්ධ කරගන්න කකුල පෙන්නන්න ඕන නෑ

May 26, 2025

ටොක්සික් රිලේෂන්ෂිප් වෙනුවට මම මගේ දරුවව තෝරගත්තා

May 19, 2025

ජීවිතේ ප්‍රශ්න ආවත් ඒ ගැන හිත හිතා දුක්වෙන කෙනෙක් නෙවෙයි මම

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?