නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සතිදෙකයි මං ලංකාවේ හිටියෙ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

සතිදෙකයි මං ලංකාවේ හිටියෙ

Published December 9, 2024

හර්ෂි අංජුමාලා

හර්ෂි අංජුමාලා කියන්නෙ පුංචි දරුවන්ට වෙන්වුණ රියැලිටි තරගාවලියකින් අපේ රටට බිහිවුණ කලාකාරිණියක්. ඇය පුංචි නර්තන ශිල්පිණියක් ලෙස කලාවට පය තිබ්බත් අවසානයේ නතර වුණේ නම් රංගන ශිල්පිණියක් වෙලා. රංගන ශිල්පිණියක් ලෙස වැඩකටයුතු කළ කාලයේ නර්තන ශිල්පිණියකගේම චරිතයකින් ඇය අවසන් වතාවට ප්‍රේක්ෂකයා හමුවට ආවේ ‘රාජිණී’ නාට්‍යයෙන්. කලකට ඉහතදී විවාහයෙන් පසුව ඇය විදේශගත වුණත් කෙටි නිවාඩුවකට ලංකාවට ආපු මොහොතක ඇය නවලිය එක්ක සම්බන්ධ වුණා…

හර්ෂි මොනවද අලුත් තොරතුරු?

අලුත්ම තොරතුරු කියන්නෙ අවුරුද්දකට පස්සෙ මං ලංකාවට ආවා. ලංකාවට ආවේ මගේ ජීවිතේ අලුත් ආරම්භයක් එක්ක. ඒ තමයි ඕස්ට්‍රේලියාවේ මගේම නටුම් පංතියක් මං පටන්ගත්තා. ඒ සතුටු ආරංචිය එක්ක තමයි මේ පාර ලංකාවට ආවේ.

කොච්චර කාලෙකටද ලංකාවට ආවෙ?

දැන් මං එහේ ඩාන්සින් ක්ලාස් එක කරන නිසා මේ පාර ආවෙ සති දෙකකට ක්‍රිස්මස් බ්‍රේක් එකේ. මොකද මගේ නැටුම් පන්තියට ගොඩක් දවස් නිවාඩු දෙන්න බැරි නිසා. ක්ලාස් එකේ බබාලට ඒක ප්‍රශ්නයක් නොවෙන්නයි ක්‍රිස්මස් බ්‍රේක් එකේ ආවේ.

තනියමද ආවෙ?

ඔව්. හස්බන්ඩ්ට නිවාඩු තාම ලැබුණෙ නෑ. සති දෙකක් නිසා මං විතරයි ආවේ.

ඒ කියන්නෙ හර්ෂි දැන් ගුරුවරියක්?

ඔව්. ඒක මං හරි නිහතමානීව සතුටින් කියනවා. මොකද කලාව කියන්නෙ මං ගොඩක් ආදරය කරන දෙයක්. නැටුම් කියන්නෙ මගේ ජීවිතේ වගේ. ඉතින් මං දන්න දෙයින් මගේම ගෝලයෝ ටිකක් බිහිකරන්නයි මගේ උත්සහය.

එතකොට හර්ෂි ලංකාවෙන් ගියේ කලාවෙන් අයින්ම වෙලාද?

කලාවෙන් අයින් වෙලාම නෙමෙයි. හොඳ නිර්මාණයකට නැවතත් ආරාධනා ලැබුණොත් මං භාරගන්න කැමතියි.

සැමියා මොකද කරන්නෙ?

එයා චෙෆ් කෙනෙක්.

පීක් ටයිම් එකක එකපාරට ලංකාවෙන් ගිය එක අපරාදයක් කියලා හිතිලා නැද්ද?

නෑ මං කවදාවත් ඕස්ට්‍රේලියාවට ගිය එක අපරාදෙ කියන්නෙ නෑ. මොකද මං එහේ ගිය නිසයි අද මගේ නර්තන හැකියාවෙන් පුංචි නැටුම් පංතියක් දාන්න පුළුවන් වුණේ. ඒක ගැන මං ගොඩක් සතුටු වෙනවා.

ඕස්ට්‍රේලියාවෙ ජීවිතේ කොහොමද?

එහේ ගෙවන ජීවිතේට මං ගොඩක් කැමතියි. මුල් දවස් ටිකේ මං කලාවෙන් ඈත්වුණ නිසා පුංචි දුකක් දැනුණා. මං හැමවෙලේම උත්සාහ කළේ මං ආස දෙයක් කරලා, මතක් වෙන සොඳුරු මතක මගඇරගන්න. ඒකට මගේ හස්බන්ඩ් ගොඩක් උදව් කළා.

එයා මහන්සි නොබලා මට ඩාන්ස් කවර්ස් කරන්න හැමදේටම උදව් කළා. මොකද එයා ගොඩක් කාර්යබහුලයි.

හැබැයි මට ආස දේවල් දෙන්න එයාගෙ මහන්සිය බලන්නෙ නෑ. මං මේ නැටුම් පංතිය අද කරගෙන යන්නෙත් එයාගෙන් මට ලොකු ශක්තියක්, සහයෝගයක් ලැබෙන නිසා.

ළමා රියැලිටි තරගයකින් පටන් අරන් මෙච්චර දුරක් එන එක ලේසි නෑ. කොහොමද ඒ ආපු ගමන?

ඔව්. ඇත්තටම මං මගේ අම්මා, තාත්තා, ලොකු අක්කා මේ හැමෝටම ගොඩාක් පින් දෙනවා මගේ හැකියාවන් පොඩි කාලෙ ඉඳන් අදුරගෙන මට ජීවිතේ ඉස්සරහට යන්න උදව් කරල ශක්තියක් වුණාට.

එයාලා නැත්නම් අද අංජුමාලා කෙනෙක් නෑ. ඉතින් ඒ පුංචි කාලේ ඉඳන් පටන්ගත්ත ගමන අද මං ලංකාවෙ නැති වුණත් පිටරටක ඉඳන් හෝ ඉස්සරහට අරගෙන යන්න උත්සාහයක ඉන්නේ. මගේ ජීවිතේ මං කලාවෙන් ගත්ත අත්දැකීම් මාත් එක්ක ඉන්න දරුවන්ට දෙන්නයි මට ඕනේ.

මොනවද හර්ෂිගෙ ඉදිරි වැඩකටයුතු?

ඉදිරියට මගේ නැටුම් පංතියේ වැඩ ටික තමයි තියෙන්නේ. අලුත් අවුරුද්දෙ මං භරත නාට්‍යම් පන්ති පටන් ගන්නවා. මං ආරම්භය ගත්තෙ උඩරට නර්තන සම්ප්‍රදායෙන්. ඒ වගේම බොලිවුඩ් ඩාන්සින්, බොලිවුඩ් සුම්බා ඉදිරියට කරනවා. මගේ තියෙන ලොකුම බලාපොරෙත්තුව මගේ ගෝලයොත් එක්ක මගේම Dancing Show එකක් කරන්න. ලංකාවේ පුංවි ගෝලයෝ ගොඩක් එහේ මගෙන් නර්තනය ඉගෙන ගන්නවා.

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ටොක්සික් රිලේෂන්ෂිප් වෙනුවට මම මගේ දරුවව තෝරගත්තා

May 19, 2025

ජීවිතේ ප්‍රශ්න ආවත් ඒ ගැන හිත හිතා දුක්වෙන කෙනෙක් නෙවෙයි මම

May 12, 2025

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?