නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පුතාට හොඳ දුවෙක් හොයලදීලා දරු මුණුබුරෝ එක්ක සතුටින් ජීවිතේ ගෙවන්නයි ආස
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

පුතාට හොඳ දුවෙක් හොයලදීලා දරු මුණුබුරෝ එක්ක සතුටින් ජීවිතේ ගෙවන්නයි ආස

Published September 23, 2024

ක්ලීටස් මෙන්ඩිස්

එදා වේදිකාවෙන් සිනමාවට ප්‍රවිශ්ඨ වූ ඔහු ‘වීර පුරන් අප්පු’ සිනමා පටයෙන් රසික හදවත් දිනාගැනීමට සමත් වුණා. 70 දශකයේ සිනමාව තුළ දුෂ්ටයා නමැති රාමුවට කොටුකළ ඔහු අද ඉන් එළියටවිත් සිනමාවට මෙන්ම ටෙලිනාට්‍යටත් නැතිවම බැරි චරිතයක් ලෙසින් රසික හදවත් දිනාගත්තා. ඔහු සැබෑ ජීවිතයේ ආදරණීය හදවතක් ඇති ලාංකීය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයකට උරුමකම් කියන ජ්‍යෙෂ්ඨ රංගධර ක්ලීටස් මෙන්ඩිස්. ඔහු ගැන අපි දැනගෙන සිටියත් ඔහුගේ ආදරණීය පවුල ගැන දැන තතු අල්පයි. ජීවිතයේ පළවෙනි වතාවට තාත්තයි පුතයි අම්මයි නවලියට පෙනී සිටියා…

කොහොමද මේ දවස්වල ජීවිතය?

මේ දවස්වල මී මැස්සා, ආයාචනා වගේ ටෙලි නාට්‍ය කිහිපයකම වැඩකටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ දේවල් එක්ක ඉදිරියේ දී නිර්මාණය වීමට නියමිත සිනමා නිර්මාණ කිහිපයක් ගැනත් සාකච්ඡා කරන ගමන් තමයි ඉන්නේ. මේ කාර්යබහුල ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවාගෙන යනවා.

කොහොමද රංගන ජීවිතයට ප්‍රවේශ වෙන්නේ?

මම මුලින්ම 1975 දී තට්ටු මාරුව කියන වේදිකා නාට්‍ය හරහා තමයි කලාවට සම්බන්ධ වෙන්නේ. ඊටපස්සේ 1978 දී මගේ ඥාති සහෝදරයෙක් මාර්ගයෙන් මට මහාචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා මුණ ගැහෙන්න අවස්ථාවක් හම්බවෙනවා.

ඒ වෙනකොටත් එතුමා වීරපුරන් අප්පු චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරලා තිබුණේ. මම සියලුම සටන් ක්‍රම ප්‍රගුණ කරල තිබුණ නිසා මට එතුමාගේ වීරපුරන් අප්පු චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්න වාසනාව ලැබුණා. ඒ ආරම්භය තමයි අදටත් චිත්‍රපටි වගේම ටෙලි නිර්මාණ විශාල ප්‍රමාණයකට දායක වෙලා රසික ආදරය දිනා ගන්න මට හැකියාව ලැබුණේ.

ඉස්සර වගේම තවමත් නිර්මාණවලට ආරාධනා ලැබෙනවද?

70 දශකේ තරම්ම නැතිවුණත් ආරාධනාවලින් නම් අඩුවක් නැහැ. දැන්නම් දුෂ්ටයාගේ චරිතයට වඩා වෙනස් චරිතවලට තමා ආරාධනා ලැබෙන්නේ. විශේෂයෙන් ටෙලි නිර්මාණවලින් තමයි වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ. ඒ වගේම මම දායක වුණ චිත්‍රපට 20 ක් විතර තිරගත වෙන්නත් තියෙනවා.

රංගන ශිල්පියෙක් නොවුණා නම් මොන වගේ ක්ෂේත්‍රක රැකියාවක් කරයිද?

ඇත්තටම, මම පොඩිකාලේ ඉඳන් විශේෂයෙන්ම පාපන්දු ක්‍රීඩාවට හරිම දක්ෂයෙක්. ඒ දේවල් එක්ක මම ආසාවෙන් හිටියේ යුධ හමුදා සෙබළෙක් වෙන්න. නළුවෙක් නොවුණ නම් අද හමුදා නිලධාරියෙක් විදිහට මාව දැකගන්නත් ඉඩ තිබුණා.

ක්ලීටස්ගේ පවුලේ විස්තර මතක් කළොත්?

මගේ පවුලේ ඉන්නේ මමයි, ආදරණීය බිරිඳයි, පුතයි. බිරිඳ ඩොරින් මෙන්ඩිස්. මගේ එකම පුතා ඩිල්සර මෙන්ඩිස්. අපි තුන් දෙනත් එක්ක හරිම ආදරයෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

කොහොමද ආදරණීය බිරිඳව ජීවිතයට මුණ ගැහෙන්න?

ඇත්තටම අපි දෙන්නා පොඩිකාලේ ඉඳලම හොඳින් අඳුරනවා. ඩොරින් මගේ පවුලට ඥාති සම්බන්ධයක් තියෙනවා. මේ දේවල් එක්ක මගේ අක්කා අපි දෙන්නට මංගල යෝජනාවක් ගෙනාවා.

හැබැයි මම නළුවෙක් නිසාම ඇය මුලින් අකමැත්තක් දැකවුවත් පස්සෙ මගේ ගතිගුණත් එක්ක ඇය මට කැමති වෙනවා. එහෙම තමයි අපේ ආදර කතාව පටන් ගන්නේ. අවුරුදු තිස් ගාණකට පස්සෙත් ඒ ආදරේ තවමත් ඒ විදිහටම හරිම ආදරණීයව අපි අතරෙ තියෙනවා.

රංගන කටයුතුවලට බිරිඳගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඇයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මට. විශේෂයෙන්ම ජනප්‍රියත්වයත් එක්ක රංගන ශිල්පියකුට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වැඩියි. හැබැයි මගේ බිරිඳ මාව හොඳින් තේරුම් අරගෙන ඒ සහයෝගය දුන්න නිසා තමයි ක්ලීටස් මෙන්ඩිස් කියන රටක් ආදරේ කරන චරිතය හරි අපූරුවට ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ නිර්මාණ වෙන්නේ.

එකම පුතා රංගනයට යොමුකරන්න අදහසක් නැද්ද?

පුතා O/L ලියපු කාලෙම අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙක්ම එයාට නිර්මාණවලට ආරාධනා කළා. හැබැයි එයාගෙ එතරම් කැමැත්තක් තිබුණෙ නැහැ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. දැනට එයා ජපන් ගිහින් ඇවිත් ව්‍යාපාරික පැත්තට තමයි යොමුවෙලා ඉන්නේ. බලමු ඉස්සරහට සමහරටවිට එයාගෙ අදහස් වෙනස් වෙලා ක්ෂේත්‍රයට එන්නත් ඉඩ තියෙනවා.

ප්‍රවීණ රංගන ශිල්පියෙක් විදිහට අලුත් පරම්පරාව ගැන මොකද හිතෙන්නේ?

අලුත් රංගන පරම්පරාව ඇතුළේ දක්ෂ දරුවන් ගොඩක් ඉන්නවා. ඒ වගේම තමයි කමර්ෂල් එකක් කරල ඊළඟ දවසෙ රඟපාන්න එන පිරිසකුත් ඉන්නවා. මම හිතන්නේ හැදෑරීමකින් පස්සේ ක්ෂේත්‍රයට එනවා නම් ඒක තමයි වටින්නේ. ඒ වගේම අපේ කාලේ තරම් අවස්ථාවන් අලුත් පරම්පරාවට අඩු නිසා ලැබෙන අවස්ථාව උපරිමයෙන් කරන්න උත්සාහ කරන්න කියලයි මම කියන්නේ.

ඉතින් ක්ලීටස් මොනවද අනාගත බලාපොරොත්තු?

පුතාගේ වැඩකටයුතුත් එක්ක එයාට හොඳ විවාහයක් කරල දීලා දරු මුණුබුරෝ එක්ක සතුටින් ජීවිතේ ගෙවන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඒ අතරේ මට ආදරේ කරන රසික රසිකාවියන් වෙනුවෙන් නිර්මාණවලට දායක වෙන්නත් බලාපොරොත්තු වෙනවා.

ක්ලීටස් මෙන්ඩිස් සමඟ වගේම ආදරණීය බිරිඳ ඩොරින් මෙන්ඩිස් සමඟත් අපි කතාබහ කරන්න අමතක කළේ නැහැ

ආදරණීය සැමියා නළුවෙක්වීම තරුණ කාලෙදි කොහොමද දැනුණේ?

ඇත්තටම මුලින් නම් ක්ලීටස් නළුවෙක් නිසාම මම එයාට අකමැති වෙනවා. හැබැයි විවාහයෙන් පස්සෙ මම එයාව හොඳට තේරුම් අරගත්තා. බැඳපු අලුත එයා රූගත කිරීම් තිබුණ තැන්වලටත් මාව එක්කගෙන ගියා.

එතන පරිසරය මොනවගේද කියල තේරුම්ගත්ත නිසාම නළුවෙක් කියල කිසිම අවිශ්වාසයක්වත් ඉරිසියාවක්වත් මට දැනිලා. බිරිඳ විදිහට එයාගෙ නිර්මාණ දැකල මම ගොඩක් සතුටු වුණා.

ජනප්‍රියත්වයත් එක්ක රසික රසිකාවියන්ගෙන් ලැබෙන ආදරේට කවදාවත් ඔබට ඉරිසියාවක් හිතිල නැද්ද?

කවදාවත්ම නැහැ. මම දන්නවා රංගන ශිල්පියකුගේ පැවැත්ම තියෙන්නේ රසික රසිකාවියන්ගෙ ආදරෙත් එක්ක. අපි අතර හොඳ අවබෝධයක් සහ විශ්වාසයක් තිබුණ නිසා මට එහෙම කවදාවත් ඉරිසියාවක් හිතිලා නැහැ.

දුම්ෂා විජේසිංහ ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy3
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ටොක්සික් රිලේෂන්ෂිප් වෙනුවට මම මගේ දරුවව තෝරගත්තා

May 19, 2025

ජීවිතේ ප්‍රශ්න ආවත් ඒ ගැන හිත හිතා දුක්වෙන කෙනෙක් නෙවෙයි මම

May 12, 2025

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?