පියුමාලී ප්‍රසාදිනී
ගොඩක් ජනප්‍රිය චරිත, ජනප්‍රියත්වය රඳවා ගන්න තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන විශේෂයෙන්ම ආදරය ගැන ඒ තරම් හෙළිදරව් නොකර ඉන්න වගබලා ගන්න කාලෙක මේ අලුත් ප්‍රියමනාප, නිහතමානී තරුණිය,පියුමාලී තමන්ගේ ආදරේ ගැන පවා අපට ලස්සන ට කිව්වා. එහෙම චරිත දැන්නම් හරිම අඩුයි. ඒ නිසාම ඇය ගැන අපිට වගකීමෙන් ලියන්නත් ආස හිතුණා. මේ පියුමාලී අපිත් එක්ක බෙදාගත්ත ඇගේ තොරතුරු…
පියුමාලි මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල පාට කුරුල්ලෝ එක්ක කාර්යබහුලයි. ඒ වගේම තව කලා ක්ෂේත්රයේ වැඩ වගයකට සම්බන්ධ වෙලා ඉන්නවා.
කලා ක්ෂේත්රයට ආවේ කොහොමද?
මම 2016 දී රූපවාහිනී අවුරුදු කුමරිය ජයග්‍රහණය කරනවා. එතකොට මම පාසල් සිසුවියක්. කලාවට සම්බන්ධ වුණේ ඊට අවුරුදු පහකට පස්සේ.
පෞද්ගලික විස්තර ගැන කිව්වොත්?
මගේ සම්පූර්ණ නම පියුමාලී ප්‍රසාදිනී එදිරිසිංහ. ගම මල්වාන. පාසල් ගියේ සපුගස්කන්ද විශාඛා බාලිකාවට. උසස් පෙළ හැදෑරුවේ කලා විෂය ධාරාවෙන්. මට ඉන්නෙ අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි. මගේ දෙවැනි නංගි සිත්මි සංජුලා. එයත් කලාවට සම්බන්ධයි. අවුරුදු 18 ක් බාලයි එයා මට වඩා.
නිළියක් වුණේ නැත්නම් අද ඔයා කවුද?
මම නැටුම් ගුරුවරියක් වෙයි. මම නැටුම්වලට තමයි කැමති.
පාට කුරුල්ලන්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
පාට කුරුල්ලෝ කියන්නේ මගේ පළවෙනි ඩ්‍රාමා එක. නිම්නාදි චරිතයට ගොඩක් අය ආදරය කරනවා. මම හිතුවේ නෑ මෙච්චර ප්‍රතිචාර ලැබෙයි කියලා.
පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ ඔබ සමග රංගනයෙන් දායක වන්නේ සජිත ඇන්තනී. ඔහුගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
පුංචි තිරයේ ආදරවන්තයා සජිත ඇත්තනී. විශේෂයෙන් මතක් කරන්න ඕනේ සජිත අයියගෙන් ලැබෙන්නේ විශාල සහයෝගයක්. අපි රියසල් කරද්දී චරිතේ කරන්නේ කොහොමද, දෙබස් කියන්නෙ ඕනෙ කොහොමද කියලා සජිත අයියා කියලා දෙනවා. මගේ නිම්නාදි චරිතය ප්‍රේක්ෂකයන් අතරට යාමට එයාලගේ සහයෝගය බලපෑවා කියලා මම විශ්වාස කරනවා.
සම්මානයක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවද?
අපි කවුරුත් කැමතියි අපිව ඇගයීමකට ලක් කරනවා නම්. ප්‍රේක්ෂකයාගේ ආදරය ගෞරවය ලැබෙන එකම සම්මානයක්. මම 2024 සම්මාන උළෙලක නිර්දේශ වෙලා ඉන්නවා දැනට.
විලාසිතා ගැන මොකද හිතෙන්නේ?
මම ගොඩක් ආසයි ඉන්දියන් විලාසිතා කරන්න. හැබැයි ඒ කියලා මම ඒවම විතරක් කරන්නේ නැහැ. මට ගැළපෙනවා කියලා හිතෙන ඇඳුම් මම අඳිනවා.
වෘත්තීමය නිළියක් වශයෙන් ඉදිරියට යන්නද බලාපොරොත්තුව?
කලාව කියන්නේ මම ආස දෙයක්. ඒ වෘත්තිමය වශයෙන් නෙවෙයි. මට මගේම කියලා ව්‍යාපාරයක් තියෙනවා. ඒ ව්‍යාපාරයත් ඉදිරියට කරගන්න ගමන් කලාව සමග ඉදිරියට යන්න තමයි මට අවශ්‍ය.
ඉදිරියට එන්න තියෙන ටෙලි නාට්‍ය ගැන කිව්වොත්
පාට කුරුල්ලෝ කතාවේ අධ්යක්ෂතුමාගේම තවත් කතාවකට මම සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියේදී බලන්න පුළුවන් ඒක.
පියුමාලී පෙම්වතියක්ද
ඔව් මම දැනටමත් ආදරවන්තියක්. දැනට අපි නම රහසක් විදිහට තියාගමු.
නිපුනි සම්මානි ✍️