නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පරිස්සමෙන්…ආයෙත් Covid
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

පරිස්සමෙන්…ආයෙත් Covid

Published June 9, 2025

ගෙවුණු වසර 05 ක කාලය පුරාම වසංගත අඩු නැතුව පුරුදු අපිට, නැවතත් වසංගත රැල්ලක සේයාවක් පෙනෙමින් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනාවරණය කර තිබුණේ ලෝකයේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදයේ වැඩිම ව්‍යාප්තියක් ආසියානු කලාපයේ දක්නට ලැබෙන බවයි.

විශේෂයෙන්ම සිංගප්පූරුව, හොංකොං, තායිලන්තය සහ ඉන්දියාව යන රටවල් SARS – CoV2 වයිරස් ප්‍රභේදය වැඩි ව්‍යාප්තියක් පෙන්වන ආසියාතික රටවල් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන තිබේ.

එය එසේ වුවත් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු පවසන්නේ ශ්‍රී ලාංකික අපි පැතිර යන කොවිඩ් ප්‍රභේදය ගැන අනවශ්‍ය බියක් ඇති කරගත නොයුතු බවයි.

නමුත් ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ ගර්භනී මව්වරුන්, වැඩිහිටියන්, නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් කොවිඩ් වයිරසය පිටුදැකීමේ සෞඛ්‍ය පුරුදුවලට වහාම යොමු විය යුතු බවයි.

කැස්ස සහ කිවිසුම් යනවිට මුඛය ආවරණය කර ගැනීමේ අවශ්‍යතාවය, ජනතාව වැඩි වැඩියෙන් ගැවසෙන තැන්වලට අනවශ්‍ය ලෙස නොයා පරතරය පවත්වාගෙන යෑම, නිතර දෑත් සබන් යොදා සේදීම, ඇතිවන ස්වසන අපහසුතා ගැන වෙනදාටත් වඩා සැළකිලිමත්වීම වැදගත් බවත් පෙන්වා දෙයි.

එම නිසා වැළඳුනාට පසු පසුතැවීමට වඩා වළක්වා ගැනීම සඳහා මෙවැනි පියවර අනුගමනය කිරීම කෙරෙහි සාමාන්‍ය ජනතාව වශයෙන් අප දැන් සිටම අවධානය යොමු කළ යුතුවේ.

මෙසේ අප කළ යුතුම වන්නේ ගාල්ල ජාතික රෝහලෙ දී මියගිය වයස මාස එකහමාරක බිළිඳකුගේ ජෛව පරීක්ෂාවෙන් පසුව වෛද්‍ය පරීක්ෂණ ආයතනය එම බිළිඳාගේ මරණයට කොවිඩ් වයිරසය හේතු වී ඇති බව අනාවරණය කිරීමත් සමඟයි. ඒ නිසා ක්‍දඩසා නව ප්‍රභේදයේ අවදානම මේ වනවිට අපේ රටට ද පැමිණ තිබේ.

කොවිඩ් යනු සාර්ස් වෛරස් කාණ්ඩයේ වයිරසයක් බැවින් එය කාලෙන් කාලෙට නව ප්‍රභේද බිහි කරමින් ජනතාව අතර පැතිරීමක් දකින්න ලැබෙන හෙයින් කල් තියාම වෛරසයෙන් බේරීම සඳහා සූදානම් වීම තනි තනිව පුද්ගලයන් වශයෙන්ද, රටක් වශයෙන්ද ඉතා වටිනා බව මහා ජානතාවට මතක් කළ යුතුවේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ලක් අඹරේ පෑයූ සදාකාලික තරුව

June 2, 2025

සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු…

May 12, 2025

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?