නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හදිසි අනතුරු වළක්වා ගැනීමට අපි වෙනස් වෙමු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

හදිසි අනතුරු වළක්වා ගැනීමට අපි වෙනස් වෙමු

Published December 2, 2024

අපි වෙනස් වෙන්නට බය ජාතියක් නොවෙමු. එයට හොඳම සහ ළඟම උදාහරණය වන්නේ පහුගිය ජනාධිපතිවරණයේදීත්, මහා මැතිවරණයේදීත් මේ රටට අවශ්‍ය කරන දේශපාලන වෙනස සියලු ජනතාව එක්වී බය නැතිව ගැනීමයි. එය රටේ දේශපාලනයට පමණක් නොව රටේ අනෙක් වෙනස් වියයුතු සියලු ක්ෂේත්‍රවලදීද ජනතාව වශයෙන් ගත යුතුමය.

මේ වනවිටත් ලංකාවේ කොහේ හරි දිනකට මිනිස් ජීවිත 06 ත්, 08ත් අතර ප්‍රමාණයක් හදිසි අනතුරක් නිසා නැතිවන බව ඔබ දැන සිටියාද? එපමණක් නොව තවත් බොහෝ පිරිසක් පූර්ණ කාලීන සහ කෙටි කාලීන හෝ ආබාධිත තත්ත්වයට පත්වෙන බව ඔබ පිළිගන්නට සූදානම්ද ? මෙය සත්‍ය අනාවරණයකි.

මේ සියලු හදිසි අනතුරු වළක්වා ගැනීමට හැකි ඒවා බව කියන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ අනතුරු වළක්වා ගැනීමේ ජාතික ඒකකයයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මාර්ග තුළදී අපි වෙනස්විය යුතු බවය. එයට හොඳම ක්‍රමය ලෙස ඔවුන් එක්ව යෝජනා කරන්නේ මාර්ගයේදී මාර්ග නීති පිළිපැදීම, මාර්ග නීතිවලට ගරු කිරීම, මාර්ග ශික්ෂණයක් ඇති පුද්ගලයකු මෙන් කටයුතු කිරීම සහ තවත් අනතුරු සිදුවන සමාජයේ බොහෝ තැන්වලදී විනයක් ඇති පුද්ගලයෙකු මෙන් කටයතු කිරීමේ අවශ්‍යතාවයයි.

මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් පෙන්වා දෙන්නේ ලංකාවේ රෝහල්වලට වැඩිම රෝගීන් පිරිසක් ඇතුළත් කරන්නේ මාර්ග අනතුරුවලට ලක්වූ රෝගීන් වශයෙන් බවය. එපමණක්ද නොව ලංකාවේ සිදුවන මරණවලින් හත් වෙනි ස්ථානය හිමි වන්නේද මාර්ග අනතුරු නිසා වන මරණවලටය.

පසුගිය සතිය වනවිට ශ්‍රී ලංකා ජාතික රෝහලට පමණක් හදිසි අනතුරුවලින් තුවාල ලැබූ රෝගීන් 70,020 ක් ඇතුළත් කර ඇත. ඉන් 178 ක් මියගොස් ඇත. ඔවුන් පවසන්නේ මේ වසර අවසන් වනවිට හදිසි අනතුරු නිසා ජාතික රෝහලේ පමණක් මරණ සංඛ්‍යාව 200 දක්වා වර්ධනය විය හැකි බවය.

මේ දත්ත ගැන සැලකිලිමත් වීමේදී ඔවුන් ඔවුන්ගේ පවුලට, සමාජයට පමණක් නොව මෙරට සෞඛ්‍ය පද්ධතියටත් රටටත් විශාල බරක් වී ඇත. තුවාල ලබා ඇති කොටසත්, මියගිය කොටසත් ගැන බැලීමේදී බහුතරයක් රටේ ආර්ථිකයට උරදුන් තරුණ පිරිමි කොටස් වූ බැවින් ලංකාවේ ආර්ථිකයටද, හදිසි අනතුරු දැඩි ලෙස බලපා ඇත.

එම නිසා රටේ පුරවැසියන් වශයෙන් හදිසි අනතුරු සියයට සියයකින් වළක්වා ගැනීමට නොහැකි වුණත් යම් ප්‍රමාණයකින් හෝ අඩුකර ගැනීමට ඉදිරි වසරේදීවත් අපි පාරේදී වෙස්විය යුතුමය. මෙය නීතියෙන් කරන තෙක් නොසිට තනි තනි පුද්ගලයන් වශයෙන් නීතිගරුක පුද්ගලයකු වීමෙන් ඉබේම වන බව අමතක නොකළ යුතුයි. අපට අවශ්‍ය වන්නේ ශක්තිමත් ජාතියකි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු…

May 12, 2025

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?