නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අභිනව, නව වැනි ජනාධිපතිතුමනි…!!
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

අභිනව, නව වැනි ජනාධිපතිතුමනි…!!

Published September 23, 2024

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා, සන්නද්ධ සේවාවල සේනාධිනායකයා, අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා ලෙස අලුතෙන් පත්වන ජනාධිපතිවරයා හඳුන්වා දිය හැකිය. නවලිය පුවත්පත මුද්‍රණය කර වෙළෙඳපොළට නිකුත්වන 20 වැනි සිකුරාදා උදෑසන සිට ඉදිරියට එළඹෙන පැය කිහිපයකින් මේ රටට 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වටිනා ඡන්දය භාවිත කිරීමේ හැකියවක් අපේ රටේ සියලු ඡන්දදායකයන්ට හිමිවනු ඇත. ඒ අනුව එළැඹෙන සඳුදා අප සිටින්නෙ මේ රටේ අභිනව නව වැනි විධායක ජනාධිපතිවරයා සමගය. කොටින්ම කියතොත් අලුත් දේශපාලන දැක්මක් සහිත අලුත් ශ්‍රී ලංකාවක් සමඟය.

මේ වන විටත් මේ රටේ ඊළඟ විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සටන ඉතාමත් තීරණාත්මක එකක් වී ඇති අතර සටන සඳහා ඉදිරිපත් වී ඇති 38 දෙනාගෙන් කවුරුන් හෝ ජනාධිපති වුවත් ඒ ගමන ඔහුට රෝස මල් මාවතකින් යන සුරපුරයක් නොවනු ඇත. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඡන්දදායකයන් වෙත ලබාදී තිබුණත් දැන් ඔවුන් ඒවායින් පිට යමින් බොහෝ දෙන්නම් කාසි, දෙන්නම් මලු, දෙන්නම් පොරොන්දු කියවීමකට පැමිණ ඇත්තේ ඡන්ද පොරය ලෙහෙසි නැති බව ඔවුන්ද වටහාගෙන ඇති නිසාය. ඒ නිසා ඡන්ද බලය තිබෙන අප වඩාත් මොවුන්ගෙන් පරිස්සම් විය යුතුය. අප හුදෙක්ම සිතිය යුත්තේ රටේ ආර්ථිකය, සාමාන්‍ය ජනජීවිතය ගොඩනැඟීම සදහා කළ හැක්ක අවබෝධයෙන් ප්‍රකාශ කරනා නායකයෙක් පත්කරගැනීම පිළිබඳවය. එසේ නොකරන්නේ නම් නැවතත් අපට ගෝල්ෆේස් අරගලයක් දියත් කිරීමට පාර කැපෙනු ඇත. ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යක් වුවද අපට ලෝක ආර්ථිකය, ලෝක දේශපාලනය, ලෝක සමාජයෙන් පිට පැන තනි ගමනක් යා නොහැකිය.

දැනට පිළිගන්නා ව්‍යවස්ථාවට අනුව ජනාධිපති  අපේක්ෂකයකු මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම සඳහා ඡන්ද පදනමෙන් සියයට පනහකට වඩා වැඩි ප්‍රතිශතයක් ගත යුතුව ඇත. එක් අපේක්ෂකයකුටවත් එසේ නොමැති වුවහොත් වැඩියෙන්ම ඡන්ද ලබාගන්නා අපේක්ෂකයන් දෙදෙනා තරගය තුළ ඉතිරි කර අනෙකුත් අපේක්ෂකයන් 36 දෙනා තරගයෙන් ඉවත් කරනු ඇත.

ඉන් අනතුරුව තරගයෙන් ඉවත් කරන ලද අපේක්ෂකයන්ගේ දෙවැනි මනාපය ගණන් කර තරගයේ ඉන්නා  අපේක්ෂකයන්ට එම දෙවැනි මනාපය තනි ඡන්ද ලෙස එකතු කරනු ඇත. එසේද සීයට පනහ සම්පූර්ණ නොවන්නේ නම් පෙර පරිදිම තෙවන මනාපයද ගණන් කරනු ඇත. ඒ අනුව වැඩිම මනාප ගන්නා පුද්ගලයා මෙරට නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්කරනු ඇත.

ඔහුට වසර පහක් මේ රට පාලනය කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවන නිසා බුද්ධිමත් මෙරට ඡන්දදායකයන් කළ යුත්තේ සිහියෙන් බුද්ධියෙන් කටයුතු කරමින් නිවැරදිම තීරණය 21 වැනිදා  සවස 4 ට පෙර ගැනීම නොවේද ? අභිනව නව වැනි ජනාධිපතිතුමනි, මෙරට ඡන්දදායකයන් ගැන සුළුවෙන් නොසිතන්න. ඔබ යම් වැරුද්දක් කරන්නේද ඔවුන් ඔබට දුන් වරම ආපිට ගැනීමටද දෙවරක් නොසිතනු ඇත. ඒ නිසා ඔබ බුද්ධිමත් කෙනෙකු වන්න.
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු…

May 12, 2025

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?