නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෑනු, ඡන්දය දාන්නම ඕනෙ…!!!
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

ගෑනු, ඡන්දය දාන්නම ඕනෙ…!!!

Published September 16, 2024

දශක හතකට වඩා වැඩි කාලයක් නොයෙකුත් දේශපාලන යුගවලින් පසුව ලොවම වෙළාගත් කොවිඩ් වසංගතයත් සමග ශ්‍රී ලංකාවේ අපට අසන්නටත් දකින්නටත් ලැබුණේ බංකොලොත් රටක්, බිඳුණු ආර්ථිකයක් සහ පෝලිම් යුගයක් නොවේද ?

බංකොල්ලොත් රටක, බිඳුණු ආර්ථිකයක මෙන්ම පෝලිම් යුගයකින් අත්දැකීම් ලැබූ අප සියලු දෙනාටම ඒ අත්දැකීම් මතින් හොඳම තීරණයක් ගැනීමේ අවස්ථාව ලබන විසි එක් වැනිදාට එළඹ ඇති බව අපි හොඳින්ම දනිමු.

1931 ජුනි මාසයේ ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය වෙනුවෙන් සර්වජන ඡන්ද බලය ලැබීමත් සමඟ ශ්‍රී ලාංකික ගැහැනුන්ටත් පිරිමින්ටත් තම තමන්ගේ දේශපාලන මතයට අනුව ඡන්දය ප්‍රකාශ කිරිමින් තමන්ට කැමති දේශපාලඥයා හෝ පක්ෂය රටේ පාලනය සඳහා ගෙන ඒමේ අවස්ථාව උදා වී ඇත. මේ නිසාම ඕනෑම රජෙකුගේ කල්පනාව උපරිම කාලයක් රාජ්‍ය පාලනය කිරීමට වුවත් එය නොහැකි වී තිබෙන බව අපි හොදාකාරවම දනිමු.

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන මෙරට 09 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී ඔබ සියලු දෙනාම තමන්ගේ වටිනා ඡන්දය තමන් කැමති දේශපාලනඥයා සහ ඔහුගේ දේශපාලන පක්ෂය වෙනුවෙන් පාවිච්චි කළ යුතුමය. විශේෂයෙන් ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහිවූ රටක මෙවර ඡන්දයේදීද කැපී පෙනෙන ඡන්ද පදනමක් ඇත්තේ රටේ සියලු කාන්තා ඡන්ද දායකයන්ටය. ඔවුන් මේ අනුව මේ ඡන්දයේදී එසේ මෙසේ කොටසක් නොවනු ඇත.

තවද මේ රටේ ජනගහනයෙන් සියයට පනස් තුනකට ආසන්න ප්‍රමාණයක් සිටින්නේ කාන්තාවන් නිසාවීම සහ ඔවුන් බහුතරයක් ඡන්දදායකයන් වීම නිසාය. ගැහැනු අපිට තියෙන බලය හිතට ගන්න. පහුගිය කාලය තුළ මෙරට වැරදි දේශපාලනයේ බර වැඩියෙන්ම දරාගෙන සිටියේ ඔබ බව අමතක නොකරන්න.

ගෙදර බත ඉදවන්නට හාල් ටිකක් ගන්නට, ගෑස් ටිකක් ගන්නට, පරිප්පු ටිකක් ගන්නට සල්ලි තිබුණත් අවස්ථාව නැති වූ බව අමතක නොකරන්න. මේ රටේ කාන්තාවන්ට තමන්ගේ සර්වජන ඡන්ද බලය පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය වෙදටත් වඩා තදින් දැනිය යුත්තේ මෙවැනි කටුක අත්දැකීම් ගොන්නක හිමිකාරියන් ඔවුන් වූ නිසාය.

ඔබ සතියේ දිනවල සහ සති අන්තයේ කොතරම් කාර්යබහුල වුණත් තමන්ගේ ඡන්ද පොළට උදෙන්ම ගොස් රටේ අනාගතය ඔබේ අනාගතය වෙනුවෙන් පාවිච්චි කරන්න. ඔබේ බලය පෙන්වීමට මීට වඩා හොඳ අවස්ථාවක් තවත් ඔබට නොලැබෙනු ඇත.



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු…

May 12, 2025

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?